ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු ලබන The Reliance PSA 2025 අභියෝතා ශූරතාව 2025 සැප්තැම්බර් 17 වන දින සිට 21 වන දින දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වේ.මෙම තරගාවලිය සඳහා Reliance Logistics ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දෙන අතර නිල විකාශන සහකරු ලෙස SLTM PEO TV සහ PEO SPORTS කටයුතු කරයි. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ඩොලර් 9000 ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතව ඇත.

මෙවර ශූරතාවලිය සඳහා රටවල් 11ක් නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතව ඇති අතර විවෘත පිරිමි කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර සිටින මැලේසියාව නියොජනය කරමින් ඇඩීන් ඉඩ්‍රේක් සහ ඩන්කල් ලී, ශ්‍රී ලංකාව නියොජනය කරමින් රවිඳු ලක්සිරි, හොංකොං රාජ්‍ය නියොජනය කරමින් වයිලොක් යන පිරිමි ක්‍රීඩකයින් ද. කාන්තා විවෘත කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර සිටින ඉන්දියාවේ අංජලී සෙව්මාල්, ශ්‍රී ලංකාවේ චනිත්මා සිනාලි, මැලේසියාවේ හාර්ලීන් ටෑන් සහ ඊජිප්තුවේ මොනා ටමර් යන ක්‍රීඩිකාවන්ද මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.

PSA (වෘත්තීය ස්කොස් සංගමයට අයත්)තරඟාවලීන් මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මට්ටමින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට අවස්ථා සැලසෙන අතර ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සහ ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර තරඟාවලීන් සංවිධානය කිරීමෙන් දේශය ක්‍රීඩකයින් හට ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය වන අතර ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයන් පෙන්වීමට අවස්ථා උදා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...