ජනතාව පීඩනයෙන් සිටිද්දී රටට දැරිය නොහැකි ලෙස අලුතින් ඇමතිවරු පත් කිරීම කාලෝචිත නෑ

Date:

පිළියන්දල, මඩපාත සංකල්ප විහාරස්ථානයේ ඉදිකෙරෙන සංඝාවාසය සඳහා මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමිපාණන් වහන්සේ ඊයේ (13) බැහැදුටුවා.

මෙය ක්‍රියාවට නැගුණේ, සසුනට අරුණ වැඩසටහන යටතේයි.

මිනිසුන්ට ජීවත් වීමට අවම සම්පත් හෝ ලබාදිය නොහැකි තත්ත්වයක් තුළ, උද්ධමනය අඩු කිරීමට මුදල් වෙන් කළ නොහැකි බව පවසන රජය පසුගියදා රාජ්‍ය ඇමතිවරු 38ක් පත්කිරීම සිදුකලේ කුමන මූල්‍ය හැකියාවක් යටතේදැයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මව්වරුන්, දරුවන්, කර්මාන්තකරුවන් සහ වෘත්තිකයින් ලෙස විවිධ මට්ටමවල ජීවත්වන පුරවැසියන් මේ වනවිට දැඩි මානසික පීඩනයන්ගෙන් පසුවන බවත් මේ බංකොලොත්වු දේශය යළි ගොඩනැගීමට කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු 15 දෙනෙකු ප්‍රමාණවත් බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන මහජන නියෝජිතයා සැබවින්ම මහජනයා නියෝජනය කරන්නේද යන්න යළි සිතා බැලීමට කාලය උදාවී ඇති බවත්, ඒ අනුව සැබෑ මානවවාදී රටක් නිර්මාණය කිරීමට පෙරට ආ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...