මුම්බායි ඉන්දියන්ස් අලුත් කෝච් කෙනෙක් හොයයි – මහේලට උසස්වීමක් !

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත් කර තිබෙනවා. ඒ, ඔහුට උසස්වීමක්ද ලබාදෙමිනි.

මින් ඉදිරියට මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු සියලු ලීග් කණ්ඩායම්වල වගකීම් මහේලට පවරා තිබෙනවා. මීට අමතරව මුම්බායි කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ෂහීර් ඛාන්ටද උසස්වීමක් ලබාදෙමින් සියලු ලීග් කණ්ඩායම්වල ක්‍රිකට් සංවර්ධන ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

මහේලගෙන් සහ ෂහීර්ගෙන් හිස්වන පුරප්පාඩු සඳහා මේ දක්වා කිසිදු පුද්ගලයෙක් තෝරාගෙන නොමැත.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් ලබන වසර මුලදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු 20/20 ලීගයේ සහ එමිරේට්ස් 20/20 ලීගයේද කණ්ඩායම් හිමි කරගෙන සිටින අතර ඒ අනුව මහේලට සහ ෂහීර් ඛාන්ට වගකීම් රැසක් හිමි වේ.

මුම්බායි ඉන්දියන්ස් සාර්ථකත්වයේ තිරය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයන් දෙදෙනා වන මහේලට සහ ෂහීර්ට කණ්ඩායම් තුනේම උපායමාර්ගික සැළසුම් සකස් කිරීම, ඒකාබද්ධ ගෝලීය ඉහළ කාර්යසාධනයක් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම, ඒ ඒ් කණ්ඩායම්වල පුහුණුකරුවන් සමග සමීපව කටයුතු කරමින් සහයෝගීතාවය තහවුරු කර ගැනීම, ලොවපුරා ව්‍යාප්ත ස්ථාවර ක්‍රිකට් සන්නාමයක් බිහි කිරීම ඇතුළු වගකීම් රැසක් පැවරෙන බවයි මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

2017 තරගාවලියේ සිට මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශූරතා තුනක් දිනා ගැනීමට මුම්බායි සමත් විය. ඒ ස්ටීවන් ෆ්ලෙමින් යටතේ සිව් වතාවක් ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පමණක් දෙවැනි වෙමිනි.

මහේල යටතේ මුම්බායි කණ්ඩායම අවසන් තරගයට සුදුසකම් ලැබූ අවස්ථා තුනේදීම ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර අවසන් තරගයකදී චෙන්නායි කණ්ඩායම පරාජයට පත්කළ එකම කණ්ඩායම වන්නේද මුම්බායි කණ්ඩායමයි. ඒ, 2020 තරගාවලියේදීය.

කෙසේ නමුත් පූර්ණ ක්‍රීඩක වෙන්දේසියකින් පසුව මෙම වසරේදී පැවති ඉන්දියානු IPL තරගාවලියේදී සාර්ථකවීමට මුම්බායි කණ්ඩායමට හැකියාව නොලැබිණි. තරග 14 න් හතරක් පමණක් ජයගත් මුම්බායි, තරගාවලිය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වෙමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...