රැජිණගේ අවසන් ගමන ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ පියාසැරියයි!

Date:

ඉකුත් සතියේ තම දිවිසැරිය නිමාකළ බ්‍රිතාන්‍යය වැඩිම කලක් පාලනය කළ දෙවන එළිසබෙත් රැජිණගේ දේහය එක්සත් රාජධානියේ එඩින්බරෝ සිට ලන්ඩනය දක්වා ගුවනින් ගෙන ඒම ඊයේ (13) දින සිදුවූ අතර, එය ඉතිහාසයේ වැඩිම පිරිසක් සජීවීව නැරඹූ පියාසැරිය බව වාර්තා වේ.

ඒ අනුව, දෙවන එළිසබෙත් රැජිණගේ දේහය රැගත් යාත්‍රාව ගමන් කිරීම මිලියන පහකට අධික ජනතාවක් සජීවීව නරඹා ඇති බව සඳහන්.

ගුවන් ගමන් නිරීක්ෂක සමාගමක් වන ෆ්ලයිට්රේඩාර්24 (Flightradar24) හි නිල වෙබ් අඩවිය විසින් මෙම පියාසැරිය පුද්ගලයන් මිලියන 4.79 ක් සජීවීව අන්තර්ජාලය ඔස්සේ නැරඹූ බවත්, පුද්ගලයන් දෙලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් එම වෙබ් අඩිවියේ නිල යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹූ බවත් තහවුරු කර ඇත.

රැජිණගේ දේහය රැගත් බොයිංග් සී17ඒ ග්ලෝබ්මාස්ටර් (Boeing C17A Globemaster) වර්ගයේ ගුවන් යානය එඩින්බරෝ ගුවන් තොටුපළේ සිට පණ නැංවූ පළමු මිනිත්තුව තුළ පමණක් මිලියන 06 ක පමණ ඇදහිය නොහැකි ජන සංඛ්‍යාවක් එම යාත්‍රාව පසුපස හඹා යෑමට උත්සාහ දැරූ බවත්, එමඟින් පියාසැරිය අස්ථාවර කිරීමේ අවදානමක් මතුකළ බවත් එම සමාගම අනාවරණය කරයි.

බ්‍රිතාන්‍යය පාලනය කළ රැජිණ වශයෙන් දෙවන එළිසබෙත් රැජිණ පළමු වරට බීඕඒසී ආර්ගොනට් ඇට්ලාන්ටා (BOAC Argonaut ‘Atalanta’) ගුවන් යානයේ යාත්‍රා කළේ මීට වසර 70 කට පෙර බවත්, ඇගේ අවසාන ගුවන් ගමන මෙලෙස බොයිංග් සී17ඒ ග්ලෝබ්මාස්ටර් ගුවන්යානයේ වැඩිම පිරිසක් නැරඹූ පියාසැරිය බවට පත්කරමින් සිදුවූ බවත් ෆ්ලයිට්රේඩාර්24 සමාගමේ සන්නිවේදන අධ්‍යක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

තවද, ඇගේ අවසාන ගුවන් ගමන, මීට සති කිහිපයකට ඉහත දී ආසියා පැසිෆික් කලාපයේ දේශපාලනික වශයෙන් නොසන්සුන්තාවයක් ඇතිකිරීමට සමත් වූ එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි තායිවානය බලා පිටත් වූ ගුවන් ගමන නැරඹූ මිලියන 2.2 ක වාර්තාව බිඳ දැමීමට සමත් වූ බව ද එම සමාගම වැඩිදුරටත් පවසයි.

96 හැවිරිදි වියේ පසුවූ දෙවන එළිසබෙත් රැජිණ ඉකුත් සැප්තැම්බර් 08 වන දින ඈට අයත් බැල්මෝරල් මාලිගයේ සිය අවසන් හුස්ම හෙලූ අතර, ඇගේ අවසාන කටයුතු එළඹෙන සැප්තැම්බර් 19 වන දින සිදිකිරීමට නියමිත ය.

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...