හම්බන්තොට වරාය හමුදා නැව්තොටක් නෙවෙයි – ජනපති අවධාරණය කරයි

Date:

හම්බන්තොට මාගම්පුර වරාය වාණිජ්‍යමය අරමුණින් ක්‍රියාත්මක වන වරායක් මිස හමුදා නැව්තොටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දියානු සාගර කලාපයේ චීනය විසින් මෙහෙයුම් සිදු කරන වරාය 17 ක් පිහිටා ඇති බවත් ඒ සියල්ලා වාණිජ්‍ය කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන‌ෝත්සවට සහභාගිවෙමිනි.

ඉන්දීය සාගර කලාපයේ බලවතුන් අතර පවතින ගැටුමට ශ්‍රී ලංකාව මැදිහත් කර නොගත යුතු බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දීය සාගරයේ පිහිටීම හා භූ දේශපාලනික වැදගත්කම අනුව අවාසනාවකට මෙන් හම්බන්තොට වරායද ගැටුමකට මැදිකර තිබෙන බවත්, කෙසේ නමුත් එවැනි ගැටුම් සඳහා ශ්‍රී ලංකාවට අයත් වරායක් භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කිසිම රටකට වරාය භූමිය තුළ පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත්, අවම වශයෙන් හම්බන්තොට ආශ්‍රිතව පිහිටුවා තිබෙන නාවික හමුදාවේ දක්ෂිණ බලකාය හෝ යුද හමුදා සේනාංක මූලස්ථානය හෝ ගුවන් හමුදා අනුඛණ්ඩය හෝ වරායේ කටයුතු සඳහා මැදිහත් කර නොගන්නා බවත් ජනාධිපතිවරයා පවසනවා.

වාණිජ්‍ය වරායක් ලෙස ක්‍රියාත්මක වුවද එහි උපායමාර්ගික පිහිටීම නිසා ඇතැමුන් විවිධ මතවලට එළඹීම පිළිගත නොහැකි බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ චීනය සමග ඉදිරියේදී එළඹෙන එකඟතාවලදී එවැනි සැකසහිත තැන් නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...