දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/14

Date:

  1. ඩුබායි ගුවන් තොටුපළේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි සමඟ සුබපැතුම් හුවමාරු කර ගනියි: ඇය ඉන්දියාවේ විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ දැයි විමසයි.
  2. උපයන විට බදු ගෙවීමේ (PAYE) සංශෝධන ඉදිරි අයවැයේදී ඉදිරිපත් කිරීමට මැදිහත් වන බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වෙලේබොඩ පොරොන්දු වෙයි.
  3. ශ්‍රී ලංකා රජය විසින් තම ණය පැහැර හැරීමට අදාළව එක්සත් ජනපදයේ නඩු පැවරූ හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank) හා සම්බන්ධතා පවතින බවට ඇතැම් දේශපාලඥයන් විසින් එල්ල කරන චෝදනා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කරයි: ස්වෛරී ණය ගෙවා දැමිය යුතු බවට රජයේ පැවති ස්ථාවරය ඔහු අඛණ්ඩව පවත්වාගෙන ගිය බව පවසයි: ශ්‍රී ලංකාව විසින් ණය පැහැර හැරීමක් සිදු කළහොත් එය විශාල හානියක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අනතුරු අඟවා තිබූ බව සිහිපත් කරයි.
  4. ගැටඹේ සහ කොහුවෙල ගුවන් පාලම්වල ඉදිකිරීම් හංගේරියාව විසින් නවතා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් පවසයි: ශ්‍රී ලංකා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නතර වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
  5. රජය සතු ව්‍යාපාර ප්‍රාග්ධන වෙළඳපොළට ඇතුළු කිරීම පහසු කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොලේ වෙනම ලැයිස්තුගත කිරීමේ මණ්ඩලයක් සහ ලැයිස්තුගත කිරීමේ රීති නිර්මාණය කිරීමට අනුමැතිය දී ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.
  6. වර්ජනයේ නිරත වී සිටින දුම්රිය එන්ජින් රියදුරන් 84 දෙනෙකුට වහා සේවයට වාර්තා කරන ලෙස නියෝග කර ඇති අතර එසේ නොකළහොත් ඔවුන් සේවය හැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි: සිය වැඩවර්ජනය අත්හිටුවා ඇති බව දුම්රිය එන්ජින් ක්‍රියාකරු ඉංජිනේරු සංගමය (Railways Locomotive Operating Engineers’ Union) පවසයි.
  7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2024 වසර සඳහා වන අයවැය මඟින් මුදල් වෙන් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කරයි.
  8. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 352 ක තොගයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 2 වන සමාලෝචනය අද ආරම්භ කිරීමට නියමිතය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සැප්තැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ සිටීමට නියමිත බව සඳහන්.
  10. 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ කුසලානය අද පෙ.ව. 9 සිට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...