ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්වෙලා – ‘පැක්ස් රොමානා‘ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කියයි!

Date:

කොළඹ LNW:පැහැදිලි ජනවරමක් නැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ හය වැනි රැස්වීමේදී ‘පැක්ස් රොමානා‘ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ද නිසි කලට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් කර නොතිබීම ගැන කණගාටු වන බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඡන්ද බලය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඇති අයිතිය වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් නිසි පරිදි තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිවිල් නිදහසට එරෙහි ඇතැම් මර්දනීය නීතිවල විෂය පථය පුළුල් කිරීමට රජය උත්සහ ගනිමින් සිටින බවත්, පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යහපැවැත්ම සඳහා ඇති භයානකම නීති දෙකක් බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

රාජ්‍ය වියදම් කපාහැරීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සහ කාර්ය මණ්ඩලවල හිඟයක් ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළ දෙහිඅත්තගේ මහතා විශ්වවිද්‍යාලවල සහ පාසල්වලද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කළේය.

ඡන්දයට ඇති අයිතියට ගරු කරන ලෙසත්, සිවිල් අයිතිවාසිකම් කප්පාදු කිරීමේ උත්සාහයන් කතර කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව කී නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිිළිබඳ අධීක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියේය.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...