ගෝඨාභය තනතුර දමා පලා ගියා – එස්. එම්. චන්ද්‍රසේන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බවත් ,ජනතාව 69 ලක්ෂයක් ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කළ ද එතුමාට එය කරගත නොහැකි වූ බවයි. තනතුර දමා පලා ගිය එතුමා නැවත නැවතත් දේශපාලනයට එනවා යන්න හාස්‍යට කරුණක් බවද සඳහන් කළේය.

ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත දේශපාලනයට ඒමේ තත්ත්වයකට පත්වේ යැයි නොසිතන බවද කී චන්ද්‍රසේන මහතා සඳහන් කළේ එතුමා නම්බුකාර ලෙස තනතුර හැර යාම පිළිබඳ ගෞරවයක් ඇති බවත්ය.

චන්ද්‍රසේන මහතා සඳහන් කළේ , එතුමා නැවත දේශපාලනයට පිවිස කොතනකට යාමට සූදානම් වනවාදැයි පැහැදිලි නොමැති බවත්, එතුමා ආරක්ෂක සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වගකීම නිවැරදිව ඉටු කළ බවත් කෙසේ වෙතත් ජනාධිපති තනතුරේ යුතුකම් ඉටු කිරීමට එතුමාට නොහැකි වූ බවත්ය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යැයි කීම හීනයක් බවත් ජනාධිපති ධුරයේ කටයුතු කරගැනීමට නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් කුඩා පක්ෂයකින් පැමිණ කටයුතු කිරීමට කාලයක්ද නොමැති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...