රනිල් ලෝකයක් හොල්ලන්න පුළුවන් නායකයෙක්. එතුමාට ඡන්දෙ දෙන්න කියලා රැස්වීම් තියන්න ඕනෙද ? – වජිර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් වන්නේ යැයි සහතික බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ජාතික කොඩිය අපි මේ මැතිවරණයේදී භාවිතා කරන්නෙ වෙන හේතුවක් නිසා නෙවෙයි. ජාතික අයවැය කාර්යාලයක්, ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙන එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නෙ. එතුමා ලෝකයක් හොල්ලන්න පුළුවන් නායකයෙක්. එතුමා වාසනාවකට හෝ අවාසනාවකට ඉපදුණේ ලංකාවේ. හැබැයි එතුමාත් එක්ක තියලා බලන්න ඔය අපේක්ෂකයො එක්කෙනෙක්වත් ජනාධිපතිවරණයකට තියා අඩු ගාණෙ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට ඊට වැඩිය දැනුම තියෙනවා. ඔබ විහිළු සපයන්නේ නැතිව ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න. මට එක සහතිකයක් දෙන්න පුළුවන්, රනිල් නවවැනි විධායක ජනාධිපති වුණොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් වෙන බව සහතිකයි. ඔබ ඇස් පියාගෙන ගිහිල්ලා ගහන්න කතිරයක්, ඔබේ ජීවිත සුවපත් වෙනවා. රනිල් මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා රැස්වීම් තියන්න ඕනෙද ? එයා ඔක්කොම සුවපත් කරපු මිනිහානෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...