පෙට් ස්කෑනර් ප්‍රශ්නයට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

ශ්‍රී  ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමග ගිවිසුමකට ඊයේ (09/14) එලැඹුණි.

ඒ මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුවයි.

මේ හරහා මෙරට රජයේ රෝහල්වල සතියකට වරක් භාවිතා කරන පෙට් ස්කෑනර් වල භාවිතය වැඩිවනු ඇති බව පැවසේ.

දැනට ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය වන FDG ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන්නේ සතියකට වරක් වන අතර එම ආනයනික FDG වලින්ද 97% ක් ආනයන ක්‍රියාවලියේ දී අපතේ යයි. මෙම හේතුව නිසා රෝගීන්ට වැයවන මුදල ඉහල යාම හේතුවෙන් රජයේ රෝහල් වල පෙට් ස්කෑනර් ක්‍රියාවලිය සීමා වී තිබිණ.පෞද්ගලික රෝහලක මෙම පෙට් ස්කෑනර් පහසුකම වෙනුවෙන් රු.285000 ක් පමණ වැයවන නමුත් ඉන්දියාවේ මෙය රු.40000 පමණ අඩු මුදලක් වැය වනවා.

මෙම අත්සන් තැබූ ගිවිසුම් හරහා පෙට් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් වැයවන මුදල රජයේ සහ පෞද්ගලික රෝහල්වල අඩුවීම සහ ස්කෑන් පරීක්ෂණය ප්‍රමාණය වැඩිකිරීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාසයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...