ගෝල්ෆේස්, බංග්ලාදේශ් සහ නේපාල් …

Date:

ලංකාවේ ගෝල්ෆේස් අරගලය ආසන්න වශයෙන් පටන්ගන්නේ 2022 මාර්තු 15. ඒක අවසන් වෙන්නේ 2022 නොවැම්බර් 14. ඒ කියන්නේ මාස 7යි සති 4යි දවස් දෙකක් මේ අරගලය ඇදෙනවා.

බංගලාදේශ තරුණ අරගලය පටන්ගන්නේ 2024 ජුලි පළවෙනිදා. අවසන් වෙන්නේ අගෝස්තු 5. සම්පූර්ණ කාලය මාස 1යි දවස් 4යි. ගෝල්ෆේස් එකට වඩා බෙහෙවින් වේගවත්.

නේපාලයේ Z Gen සඳහා තරුණ තරුණියන් වීදී බහින්නේ සැප්තැම්බර් 8 හෝ 9. අද (13) වෙනකොට අන්තර්වාර අගමැතිණිය නම්කරලත් ඉවරයි. සම්පුර්ණ දින ගණන 5ක් 6ක් වගේ. හයිස්පීඩ්.

සාපේක්ෂව ගත්තම නේපාල නැගිටීම ඉතාම කෙටියි සහ ප්‍රචණ්ඩයි. ගොඩක් දේවල් සීරුමාරු කරගන්න පාලනයේ ඉන්න අයට කාලය අඩුයි.

ජිජැක් කියන ‘වාඩිලාගැනීම’ (occupy) කියන ටෙක්නික් එක මෙතැනදී අභියෝගයට ලක්වෙනවා. ඒ වෙනුවට සමස්ත මුළු බලයම යොදල ඉක්මනින් අවසානයක් කිරීම ප්‍රමුඛ වෙනවා.

සමහර වෙලාවට කලින් ඒවායින් ඉගෙනගත්ත වෙන්නත් පුළුවන් ….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...