සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් පිළිතුරු. CIDයටත් පැමිණීල්ලක් !

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

“මගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් දෙයින් එපිට කිසිදු දේපළක් මට නැහැ. පසුගිය දිනවල මා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට සම්බන්ධ පාර්ශ්වවලට එල්ල කළ චෝදනා පිළිබඳව ඔවුන් බියටත් කලබලයටත් පත්වෙලා මගේ කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි සංවිධානාත්මක මඩ ප්‍රචාර ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා”

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සහ තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ද පැවරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...