රාජ්‍ය ඇමතිලා 9000 ක් ඉතුරු කරලා ලක්ෂ ගාණක් ඩැහැ ගන්නවා, වරප්‍රසාද නෑ කිව්වෙ මේකටද ? – ඩිලාන් පෙරේරා

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඡන්දදායකයන්ට ඉතා හොඳින් කළගුණ සලකන බව පොදුජන පෙරමුණේ ඩලස් පාර්ශ්වයේ සාමාජික ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා බලයට පත්වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ කැමැත්තෙන් පමණක් නිසා ඔවුන්ට උපරිම සැලකීම් සිදු කරන බවත්, ඇමති තනතුරු, වරප්‍රසාද සියල්ල ලබාදෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. වික්‍රමසිංහ මහතා ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයෙකු නොවන බැවින් ජනතාව විඳින වේදනා, මුහුණ දෙන ජීවන ගැටලු කිසිවක් ඔහුට අදාල නොමැති බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ඔවුන්ට වරප්‍රසාද කිසිවක් ලබා නොදෙන බව ප්‍රකාශ කළ නමුත් මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය සහිතවම සියලු වරප්‍රසාද ලබා දී ඇති බවත් පවසන ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, ඇමති වැටුප වෙනුවට මන්ත්‍රී වැටුප පමණක් රාජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන බවයි. ඒ අනුව එක් රාජ්‍ය ඇමතිවරයෙකු නිසා ඉතිරි වන මුදල ඇමති-මන්ත්‍රී වැටුප් අතර වෙනස වන රුපියල් 9000 ක් පමණක් බවද මන්ත්රීවරයා සඳහන් කරනවා.

ජනතාව අන්ත දුක් විඳිමින් සිටිද්දී, රටම බංකොලොත්ව අත්‍යවශ්‍ය ආනයනය කටයුතු පවා සිදු කිරීමට නොහැකි තත්වයකට රට පිරිහී තිබියදී ඇමති වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනතාව මුදල් කෝටි ගණන් වැය කරනවා පමණක් නොව, වැටුප් හා වරප්‍රසාද නොගන්නා බව පවසමින් ජනතාව රැවටීමටද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...