මැතිවරණ සිතියම දිගහරින්න කොමිසම සූදානමින් – මාර්තු 20 ට පෙර මැතිවරණයක්

Date:

ලබන වසර මුලදී මැතිවරණයක් පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා. බොහෝදුරට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ.

පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කළ අතර ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේදී එම මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වේ.

පළාත් පාලන ආඥා පනත අනුව ඡන්ද විමසීම පැවැත්වීමේ බලය සැප්තැම්බර් 20 වැනිදායින් පසුව කොමිසමට හිමිවන බවයි කොමිසමේ සභාපතිවරයා පවසන්නේ. 2022 වසරට අදාලව ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම හා එහි සංශෝධන අවසන් කිරීම නොවැම්බර් 11 වැනිදා වනවිට අවසන් වන බව පෙන්වා දෙන පුංචිහේවා මහතා පවසන්නේ නොවැම්බර් 11 වැනිදායින් පසුව කුමන දිනයකදී හෝ මැතිවරණය පැවැත්වීමේ හැකියාව කොමිසම සතුවන බවයි.

ඊට පෙර වුවද මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන නමුත් එසේ වුවහොත් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබන්නේ 2021 ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් ඡන්දදායකයන් පමණි.

මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන ආයතනය පැවැත්විය යුතු බවට දැඩි අපේක්ෂාවක පසුවන බවයි කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරන්නේ.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව සලකා බලමින් සිටින අතර පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම හරහා මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් පසුගිය දිනවලදී සාකච්ඡා කර ඇති බවද වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...