රාජපක්ෂලාට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවට යෝජනාවක් !

Date:

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුද විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් සිදුකළ යුතු බවට යෝජනාවක් ඇමරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් කර තිබෙනවා. සෙනෙට් සභාවේ වි‌දේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩස් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ කමිටුවේ සෙසු සාමාජිකයන් වන ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහි, කෝරි බුකරි යන සෙනෙට් සභිකයන්ගේ පූර්ණ එකඟතාවය සහිතවයි.

රාජපක්ෂ පවුල් පාලනය යටතේ ක්‍රියාත්මක කළ දුර්වල හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන විදේශ සබඳතා කමිටුව වැඩිදුරටත් පවසන්නේ රාජපක්ෂ පවුල රටේ ජනතාවගේ මුදල්වලින් පොහොසත් වූ බවයි.

විරුද්ධවාදීන් නිර්දය ලෙස නිහඬ කිරීම, ජාති-ආගම්-වර්ග භේද අවුස්සමින් රට දේශපාලන හා ආර්ථික වශයෙන් කඩාකප්පල් කිරීම ඇතුළු කරුණු ගණනාවකට රාජපක්ෂ පවුල වගකිව යුතු බවද අදාල යෝජනාවේ සඳහන් වේ.

වසර ගණනක සිවිල් යුද්ධයෙන් සහ වැරදි ආර්ථික කළමනාකරණයෙන් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකාවට වාර්ගික ඉවසීම, සාධාරණ ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා යුක්තිය සඳහා කැප වූ පාලනයක් අවශ්‍ය බවත් ඒ පිළිබඳව ඇමරිකානු රජයේ අවධානය යොමුවිය යුතු බවත් ඇමරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව‌ පෙන්වා දෙනවා.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් අඛණ්ඩ හා ශක්තිමත් සහයෝගයක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදිය යුතු බවත්, ඒ සඳහා යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම ඇතුළු කරුණු සඳහා ශ්‍රී ලංකා රජය එකඟ කරගත යුතු බවද සිය යෝජනාවෙන් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...