පොහොට්ටුවෙන් ඇවිත් පොහොට්ටුවටම ගරහන අයට ජනතාව නියම උත්තරේ දෙයි – පොහොට්ටු ලේකම්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව දැන් පක්ෂය විවේචනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව සුදුසු වේලාවේදී උත්තර ලබාදෙනු ඇති බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

පක්ෂයෙන් එළියට ගිය අයගෙන් පක්ෂයට කිසිදු තර්ජනයක් නොමැති බවත්, එනිසා ඔවුන් විවේචනය කරමින් නාස්ති කිරීමට කාලයක් නොමැති බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් මහතා පවසන්නේ ඉදිරි මැතිවරණයදී ඔවුන්ට විපාක විඳීමට සිදුවනු ඇති බවයි.

කවරෙකු පක්ෂයෙන් ඉවත්ව ගියද තවමත් රටේ බහුතර ජනතාව පක්ෂය සමග සිටින බැවින් ඉදිරියේදී පැවැත්වෙන කුමන මැතිවරණයක් වුවද ජයග්‍රහණය කිරීම පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවද ලේකම්වරයා පවසනවා. ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...