කොමියුනිස්ට්වාදය ආගමක්ද ?

Date:

නීට්ෂේට අනුව දෙවියන් වහන්සේ මියගිය පසු පැරණි ආගමේ මන්ඩි වලින් සැදුම් ලත් දෙයක් ලෙස මේ කොමියුනිස්ට්වාදය හඳුන්වා දෙයි…

සෑම ආගමකම විවිධ නම් වලින් ස්වර්ගය යනුවෙන් උත්කෘෂ්ඨ ප්‍රබන්දයන් පවතී. පීඩිතයින්ට යථාර්ථයේදී අහිමි සියල්ල ප්‍රබන්ද ස්වර්ගය තුල හමුවේ..සැබෑ ලොවේදී කුසගින්නේ සිටින පීඩිතයන්ට ස්වර්ගයේදී ඇතිතරම් දිව්‍ය බෝජන ලැබේ. සැබෑ ලොවේදී ඇඳුම් පැලඳුම් ඉන්ට හිටින්ට තැනක් නැති පීඩිතයන්ට ස්වර්ගයේදී දිව්‍ය සළුපිලි දිව්‍ය මාලිගා ලැබේ..

නීට්ෂේට අනුව කොමියුනිස්ට් රාජ්‍ය යනු පැරණි ආගම මියැදුන ලෝකයේ ස්වර්ග රාජ්‍යයේම ප්‍රබන්ද පිටපතෙකි. මන්ද යථාර්ථය තුලදී කොපමණ වැඩකලද එහි ඵලය නොලැබෙන කම්කරුවාට කොමිනිස්ට් ක්‍රමය තුලදී වැඩ නොකර සිටියද ඇති තරම් ලැබේ. යථාර්ථය තුලදී ඔහුට නොලැබෙන යුක්තිය සාධාරණත්වය සියල්ල ඔහුට ප්‍රබන්ද කොමිනිස්ට් රාජ්‍ය තුලදී වැඩිපුරත් ලැබේ..

මරණයෙන් මතු විමුක්තිය පොරොන්දු වීම ආගමේ මූලික ලක්ෂනයකි, කොමිනිස්ට් රාජ්‍යයද තවත් එවන් මිත්‍යාමිතික පොරොන්දුවකි.

එමෙන්ම ආගම්වල මෙන්ම මේ කොමිනිස්ට් පක්ෂවලද මාවෝ සේතුං, පිදෙල් කස්ත්‍රෝ බඳු පීතෘ මූලික අසමසම පරමාදර්ශී කතෘවරයෙකු සිටී..ඔහුගේ ගුණ අනන්තය..ඔහුගැන බැතිගීද ගැයේ..පක්ෂ සාමාජිකයන්ද තමන්ට මෙවන් අසමසම නායකයෙකු සමඟ කොමිනිස්ට් රාජ්‍යය වෙනුවෙන් කැපවීමට සිදුවීම තමන් ලද බාග්‍යක්සේ සලකයි..

සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක් යනු සමාන අදහස් ඇත්තවුන්ගෙන් සැදුම් ලත් සංවිධානයකි..නමුත් මේ කොමිනිස්ට් කල්ලි සමාන අදහස් ඇත්තවුන්ගේ සංවිධානයක් නොවේ..මේවායේ සිටින්නේ ස්වකිය නායකයා ඇදබාන දෘෂඨිවාදයන් ගෙඩි පිටින් අදහන්නෝ පමණි ඒ අනුව මේවා ඇදහිලි කල්ලි මිස දේශපාලන පක්ෂද නොවේ..

මේ කොමිනිස්ට් පක්ෂ තුලද ශ්‍රමණයන් වැනි පිරිසක් දුෂ්කර නිරාමිස දිවියක් ගතකරමින් මිනිසුන් දැනුවත් කිරීමට යැයි කියමින් තැන තැන ගොස් ධර්ම ප්‍රචාරණයක් වැනි දෙයක් කරයි….මෙහිදී ආගම්වල මෙන්ම ඔවුන් දැනටමත් සොයාගෙන ඇති සත්‍යය මිනිසුන්‍ට උගන්වා මිනිසුන්ව දැනුවත් කල යුතුබව ඔවුන් කියයි..නමුත් සැබෑ සත්‍යය නම් ඔවුන් දන්නා සත්‍යයක්ද නැතිකමය..මන්ද ඔවුන් නිතිපතා දේශපාලනිකව ඇනගනී, එක තැන කැරකේ නමුත් කිසිදා ඔවුන් එය පිලිනොගනී… ඔවුන් එය නොදනී….

එසේම මේවා තුල ආගම් හා සමපාතවන තවත් සමාන කමක් නම් ආගම් වල මෙන්ම මේවා තුලද මාවෝවාදය, ට්‍රොස්කිවාදය, මාක්ස්ලෙනින්වාදය, වැනි විවිධ නිකායන්ට බෙදී තිබීමයි..එසේම මේ පක්ෂ ආගම් මෙන්ම උග්‍ර පුරුෂ මූලිකවේ, කිසිදා මේවායේ නායකත්වයට ගැහැණුන් පත්කර නොගනී..

මෙහිදී මාක්ස් හා ඒංගල්ස් විසින් කරන ලද ලේඛන වල යම් දාර්ශනික පදනමක් ඇතත් පසුව ඇතිවූ කොමිනිස්ට් පක්ෂ සහ මාක්ස් ඒංගල්ස් මුල් දර්ශනය අතර වෙනස බුදුන්ගේ දර්ශනය හා ඥානසාර දර්ශනය තරම් දුරස්තය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...