*
Thursday, November 14, 2024
spot_img

Latest Posts

මෙණ්ඩිස් සහ සදීර පුරවා දුන් බදුන හැලෙන්නට නොදී නිසි තැනට ගෙන යාමේ වගකීම අසලංක ඉටු කරයි

ආසියානු කුසලානයේ අවසාන තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ පකිස්තානය සුපිරි 4 වටයේ දී කඩුලු දෙකකින් පරාජය කරමින්ය.අවසාන පන්දුව තෙක්ම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ක්‍රියාත්මක වූ තරගයේ ජයග්‍රාහකයා කවුද කියන්නට හැකියාවක් නොතිබිණ.ඒ තරටම තරගය අවසාන මොහොතේ දෙපසට දෝලනය වන මට්ටමට ගෙන එන්නට සමත්වීමේ ගෞරවය යා යුත්තේ පකිස්තාන කණ්ඩායමටය.


පකිස්තාන නායකයා කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට ගත් තීරණයට සාධාරණයක් සිදු වුයේ කඩුලු 5 ක් ලකුණු 130 ට හමාර වූ පසුවය.එහිදී ශ්‍රී ලංකාවට එරෙහි හොඳම සබඳතාවය ඇති කළ මොහොමඩ් රිස්වාන් (නොදැවී 86) සහ ඉෆ්තිකාර් අහමඩ් (47) හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක් සුළු වේලාවකදී එකතු කර දීම පකිස්තාන ඉණිම කඩුලු හතට ලකුණු 252 ක් දක්වා ගෙන එන්නට සමත් විය.වර්ෂිව නිසා ආරම්භයටත්,තරගයේ අතරමැදටත් පාඩු වූ මේ තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය යටතේ තීරණය වන තරගයක් බවට පත් විය.සීමාව පන්දු ඕවර් 42 ක් විය.


රිස්වාන්ගේ සහ ඉෆ්තිකාර්ගේ මැදිහත්වීම නිසා ශ්‍රී ලංකාවට දුෂ්කර ඉලක්කයකට මතු පිටින් තරගය ගෙන යන්නට පකිස්තානයට හැකි විය.ලකුණු 252 ක් වූ එම ලකුණු ප්‍රමාණය බැලූ බැල්මට අසීරු එකක් වූ අතර මේ තරගයට පිතිකරුවෙක් වශයෙන් දිමුත් කරුණාරත්න විවේක ගන්වා, ජනිත් කුසල් පෙරේරා එකතු කර තිබිණ.කුසල් ජනිත් ඒ තේරිමට සාධාරණය ඉටු කරමින් වේගවත් ප්‍රහාරයකට සැරසෙමින් සිටින මොහොතේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ සදාබ් ඛාන්ගේ විශිෂ්ඨ පන්දු රැකීමක් ඉදිරියේය.පැතුම් නිශ්ශංක මුල සිටම යම් අපහසුවකින් ලකුණු රැස් කරන බවක් පෙන් වූ අතර ලකුණු 252 හඹායාම ඉදිරියේ ගැටළුවක් තබමින් පැතුම් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 77 ක් ව තිබිණ.


ඊයේ කණ්ඩායම පෙරමුණේ තබා ගත් විශිෂ්ඨ ඉණිමක් දියත් ඛල කුසල් මෙණ්ඩිස් හා සදීර සමරවික්‍රම තෙවන කඩුල්ල ලකුණු 100 ක සබඳතාවයක් එකතු කළේ ඉන් අනතුරුවය.මෙණ්ඩිස් අවාසනාවන්ත ලෙස ලකුණු 91 ට දැවී ගිය අතර සදීර එකතු කළ ලකුණු ප්‍රමාණය 48 ක් විය.ඔහු දෙවන වරටත් පිට පිටම ස්ටම්ප් කිරීමට හසුව දැවී යාම අවධානයට ගත යුතු අතර කුසල් මෙණ්ඩිස් ද හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී අනපේක්ෂිත පහරකට සිය පිත්ත යොමු කරමින් දැවී යාමද සිඳු වූයේ දෙවන වරටය.
අනතුරුව සිව්වන කඩුල්ල දැවී යන විට ශ්‍රී ලංකාව ජයගත හැකි තත්ත්වයක් පැහැදිළිව දකින්නට ලැබුණු අතර ලකුණු අතර සිටින ධනංජය ද සිල්වා, චරිත් අසලංකට එකතුවිමට නියමිතව තිබුණත්,ලකුණු සොයමින් සිටින නායක දසුන් ශානක සුළු ලකුණු ඉලක්කය සපුරා ජයට සම්මාදම් වීම සඳහා ධනංජයට උඩින් පිටියට පිවිස ලකුණු 2 ට කඩුල්ල පූජා කිරීමත් සමඟ තරගය නැවත කණ්ඩායම් දෙකට විවෘත තරගයක් බවට පත් විය.පීඩනයේ බර සමඟ ධනංජය ද දැවී ගිය ගොන්නට එකතු වූයේ හයවන කඩුල්ල ලෙස ය.දුනිත් ලකුණු නොලබා ද,මධුශාන් ලකුණු 1 ට ද කඩුලු පූජා කරමින් ශ්‍රී ලංකාව පරාජය දෙසට වැඩිපුර නැඹුර කළ පසුව පිටියේ ශ්‍රී ලංකාව රැක ගැනීම සඳහා සිටිය එකම බලාපොරොත්තුව චරිත් අසලංක බවට පත් විය.


එහෙත් සිය මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටි ෂමාන් ඛාන් හොදින් පන්දු යවමින් සිය වගකීම ඉටු කරමින් සිටි අතර චරිත්ගේ පිත්තේ දාරයේ වැදුණ පන්දුව පස්වන පන්දුව ලකුණු 4 ක් බවට පත් කළ පසුව තරගය පන්දුවකට ලකුණු 2 ක් ලබා ගෙන ශ්‍රී ලංකාවට ජයගත හැකි තරගයක් බවට පත් විය.ෂමාන් අත්දැකීම් අඩුකම ප්‍රකට කළේ එතැනදීය.අත්දැකීම් සහිත චරිත් පීඩනයෙන් පහර එල්ල කරන්නට ගොස් ෂමාන්ගේ නම ඉදිරියේ සටහන් වන පළමු කඩුල්ල වේ යැයි යන හැඟීමෙන් කඩුල්ල කෙළින් යොමු කළ පන්දුව චරිත් සිය පා ඉන්න දෙසින් ලකුණු දෙකක් බවට පත් කර ගනිමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 252 ඉලක්කය සපුරමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නායකයා අනවශ්‍ය මොහොතක තමන් ලකුණු අතර නැති බව දැන දැනම පිටියට පැමිණීමෙන් කළ වරදට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවට පරාජය වැළද ගන්නට ද ඉඩ තිබිණ.කුසල් මෙණ්ඩිස් සහ සදීර සමරවික්‍රම සකස් කළ පහසු ජය මාවත අවසානයේ ලාකේය ක්‍රිකට් ප්‍රේමීන්ගේ හදවත හිර කරන තරමේ පීඩනයකට පත් කළ දසුන්ගේ තීරණය නිසා පකිස්තානය සහ ඉන්දියාව අතර අවසාන තරගයට සැකසුණු පාර චරිත් අසලංක අර්ධ ශතකයට එක ලකුණක් පිටුපසින් සිට ශතකයකට වඩා වටින ලකුණු 49 කින් පෝෂණය කළ ශ්‍රී ලංකා ඉණිම ඉන්දියාවට එරෙහිව අවසාන තරගයේ ප්‍රතිවාදියා වන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව සකස් කළේය.
දක්ෂ නායකයෝ පෞද්ගලික න්‍යාය පත්‍රවලට යාමෙන් සිය කීර්තිය විනාශ කර ගැනීම සඳහා හොඳම සාක්ෂිය හැටියට ගත හැක්කේ අර්ජුන රණතුංග ය.ලෝක කුසලානයක් දිනා දුන් නායකයා ඒ නිසාම අවුරුදු තුනක් ගෙවෙන තැන ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගයක දෙවන වටයට හෝ සුදුසුකම් නොලබන තත්ත්වය පත් කරන්නට පෙරමුණ ගත්තේය.ඒ ලෝක කුසලානයෙන් පැළද ගත් රැස් අදත් විහිඳුවන්නට උත්සාහ කරන අවස්ථාවන්වලදී සිඳුවන්නේ බලාපොරොත්තු ආලෝකමත් වීම වෙනුවට දැවී අලු වී යාම පමණි.


අර්ජුනගේ කාලයේ සිටම කණ්ඩායමේ සිටි සරල විහිළුකාරයෙක් ලෙස පතල ප්‍රමෝදය වික්‍රමසිංහ තේරිම් කමිටුවේ සභාපතිවරයා ලෙස සංකීර්ණ හැසිරීමක් ප්‍රදර්ශනය කරමින්,ශ්‍රි ලංකා ක්‍රිකට් යම් පියවරක් ඉහළට නැංවීමට ක්‍රියා කළ බවක් පෙනෙන්නට තිබුණත්,මේ වන විට ඔහු ඒ දේවල් කළේ තමන්ගේ සුපුරුදු විහිළුකාරී ස්වභාවයෙන්ම ද යන්න හිතෙන මට්ටමට වැටෙන අවස්ථා ද දකින්නට ඇත.විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඕනැම භූමිකාවක් යනු දැවන්ත මුදලක් සමඟ යන එකක් යන කාරණය සිහියේ තබා ගැනීම වැදගත්ය.ඒ නිසා පළිගන්න,රිදවන්න පෙෘද්ගලිකත්වය එකතු කරගන්න සෑම මොහොතකම හරහට මුදලුත් තිබිය හැකි තරමට සැක සංකා උපදින ක්‍රීඩාවක් බවට පත් වී තිබෙන ක්‍රිකට් එක දිගට එක විදිහට මේ මුදල් පාර දිගේ ගමන් කරන විට අවංකකමෙන් පිට පැන අන්තරායකාරී දෙයට සිත යොමු විය හැකි තත්ත්වයක් දකින්නට ලැබෙයි.ඒ නිසා නිශ්චිත කාලයක් තුළ යම් යම් වෙනස්කම් අවශ්‍යය වනු ඇත.
කුසල් මෙණ්ඩිස් මේ තරගාවලියේ දෙවන වරට ද ලකුණු අනූවෙ සීමාවෙන් නැවතුණු ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු තරගාවලියේ මේ වන විට අර්ධ ශතක තුනක් ද සමඟ ලකුණු 253 ක් එකතු කරගෙන වැඩිම ලකුණුලාභියාව සිටීම අවසාන තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ආශිර්වාදය කැඳවන්නකි.එසේම ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දීම අඩු කර ගත හැකිනම් මතීශ පතිරණ ද කඩුලු දඩයමේ ඉහළින් සිටින අතර ඔහු දනට කඩුලු 11 ක් ලබාගෙන වැඩිම කඩුලුලාභියාව වැජඹෙන්නේය.දුනිත් වෙල්ලාලගේ කඩුලු 19 ක් දවාගෙන දෙවන තැන සිටින අතර ඔහු මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට ලැබුණ වැදගත්ම ආයෝජනයක් බව යලි යළිත් සනාත කළේය.
තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/sri-lanka-vs-pakistan-11th-match-super-four-1388410/full-scorecard
තවත් වඩාත් වැදගත්ම කාරණයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ සේවකයන් ඊයේ තරගය සම්බන්ධයෙන් යළිත් ලෝකයේම අවධානය දිනා ගැනීමය.වැසි නිතර වැටෙන අවකාශයක සුළු කාලයකින් තරගය පැවත්විය හැකි ආකාරයට පිටිය ආවරණය කර දීමට මෙන්ම පිටිය නැවත සැකසීමට ඇති හැකියාව ගත් විට එහි ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දිගටම තබා ගන්නට ක්‍රීඩාංගණ සේවකයන් දක්වන හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ බබලවන අංගයක් බව ඔවුන්ට ගෞරවයෙන් පැවසිය යුතුමය.ඊයේ තරගයේ උණුසුම,අපූර්වත්වය සාමාන්තරව පිටිය තරගය සුදුසු මට්ටමෙන් රැකීම සහ සැරසීම ගැන ගෞරවයද අපූරු කාර්යක් බව ක්‍රීඩාංගණ සේවකයින් සම්බන්ධ වන මහත් වූ ගෞරවයෙන් අපි සටහන් කර තබමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan