පොහොට්ටුවේ පිල් මාරු කළ අයට වැඩේ දෙල් වෙන ලකුණු – නාමල් පැහැදිලිවම කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පිල් මාරු කරන දේශපාලන සංස්කෘතිය අවසන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ තමන් සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පක්ෂය හැර ගිය සියලුම දෙනාට අදාළව මේ වනවිට විකල්ප සංවිධායකයින් පත්කර ඇති බව පැවසූ ඒ මහතා ඔවුන් තරුණ පිරිසක් බවත් ඒ තරුණ පිරිස ඉතාම දක්ෂ ලෙස මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බවත් පක්ෂය හැර ගිය අය ආපසු පැමිණියත් අලුතින් පත්කරගත් තරුණයින් පක්ෂ යාන්ත්‍රණය තුළ වේගයෙන් ඉදිරියට එනු ඇති බවත් සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තනි පුද්ගලයෙක් විදියට පාර්ලිමේන්තු එන්න හැකියාව ලැබුණේ 25,000ක් එතුමාට ඡන්දෙ දීපු නිසා. ඒ කියන්නෙ තමන්ගෙ පක්ෂය වෙනුවෙන් ප්‍රතිපත්තියක් හැටියට පෙනී හිටපු පිරිසක් හින්දා. හැබැයි අවාසනාවකට අපේ රටේ දේශපාලන ඉතිහාසයේ – මගේ තාත්තාගෙ ආණ්ඩුවත් ඇතුළුව – ඒ කාරණය අමතක කරපු බොහෝ දේශපාලනඥයෝ ඉන්නවා. හැබැයි ඒ අයට අත්වෙච්ච ඉරණම ජනතාව විසින් සනාථ කරලා දීලා තියෙනවා ඉතිහාසයේම. ඉතින් මං හිතන්නෙ පළවෙනි එක තමයි ආණ්ඩුවකට හෝ අධිකරණයකට මේ වගකීම පූර්ණ වශයෙන් පැවරීමට පෙර දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ව්‍යවස්ථාවන්වල මේ සංශෝධන විය යුතුයි, ඒක අපේ පක්ෂයේ අපි කරලා තියෙනවා. දෙවැනි කාරණය තමයි අධිකරණයේ වර්තමාන නියෝගයත් එක්ක මං හිතනවා ඉදිරියේදී ඉතාමත් කඩිනමින් නියෝග එයි. තුන්වෙනි එක තමයි අපි මැතිවරණ ක්‍රමයේ යම් සංශෝධනයක් බලනවා නම් ඒ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් සමග මේ පිල් මාරු දේශපාලන සංස්කෘතිය වහන්න ඕනෙ. හැබැයි මම වගකීමකින් කියනවා මගේ පක්ෂයේ ඒ පිල් මාරු කරපු හැම කෙනෙක්ටම හරියන්න අපි විකල්ප හදලා තියෙනවා. ඒ අය ඉතාමත් දක්ෂ විදියට තමන්ගේ කොට්ඨාසවල, ආසනවල, දිස්ත්‍රික්කවල මැතිවරණ ව්‍යාපාරයේ නියැළෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිසක්. ඒ තරුණ පිරිස කෙරෙහි මම දැඩි විශ්වාසයක් තියනවා. ඉතින් මට විශ්වාසයි සැලුන් දොර ඇරලා තිබ්බත් වහලා තිබ්බත් මගේ අලුත් තරුණයෝ ටික ඉදිරියට එනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) රාත්‍රියේ සිරස රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...