ට්‍රම්ප් ඝාතනය කිරීමේ දෙවන උත්සාහයද ව්‍යර්ථ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ දෙවන උත්සාහය ද ව්‍යර්ථ කර ඇති බව ජාත්‍යන්තර මතය වාර්තා කෙරේ.

ට්‍රම්ප්ගේ Mar-a-Lago නිවසට නුදුරින් පිහිටි ඔහුගේ West Palm Beachහි ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසල තුවක්කුවක් අතැතිව රැඳී සිටි සැකකරුට ටම්ප්ගේ ආරක්ෂක අංශය විසින් වෙඩි තබා ඇති අතර සැකකරු කළු පැහැති වාහනයකින් වනාන්තර ප්‍රදේශයෙන් පලා ගිය නමුත් ඔහු පසුපස හඹා ගිය ආරක්ෂක අංශ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් සහ ෆොක්ස් නිව්ස් වාර්තා කළ තිබුණේ, සැකකරු 58 හැවිරිදි රයන් වෙස්ලි රවුත් බවයි. කෙසේ නමුත් මේ සබන්ධයෙන් FBI ආරක්ෂක අංශ ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණේ, සැකකරු අත තිබී ගිනි අවියක් සහ AK-47 වර්ගයේ රයිෆලයක් සොයාගෙන ඇති අතර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, ‘බිය නොවන්න! මම ආරක්ෂිතව සහ හොඳින් සිටින අතර කිසිවෙකුට හානියක් නොවීය. දෙවියන්ට ස්තූතිවන්න! අපිව නවත්වන්න ඕන දෙයක් කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මම ඔබ වෙනුවෙන් සටන් කිරීම නවත්වන්නේ නැහැ. මම කවදාවත් යටත් වෙන්නේ නැහැ. අපගේ එකමුතුකම තුළින් අපි නැවතත් ඇමරිකාව ශ්‍රේෂ්ඨ කරමු’.යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වන උප ජනාධිපති කමලා හැරිස් යන දෙදෙනාම දැනුවත් කර ඇති බවත්, ට්‍රම්ප් ආරක්ෂිත බව දැනගැනීමෙන් බිඩෙන් සහ හැරිස් යන දෙදෙනාම සහනයක් ලැබූ බවත්, ඔවුන් වෙත විමර්ශනය පිළිබඳව යාවත්කාලීනයන් ලබා දෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...