IMF එක්ක අපි යන්න ඕනේ. උදව් කරන්න වෙන කවුරුත් නෑ – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ (LNW):

IMF වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් ලැබුණු බවත් , එමඟින් රටේ සියල්ල කරගෙන යන බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බවද පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ IMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ. උදව් කරන්න වෙන කවුරුත් නෑ. IMF වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් හම්බවුණා. ඒවා අල්ලගෙන යන්නේ. රටවල් 18ක සහයෝගයක් හම්බවුණා. ඒ එක්ක යන්නේ. පොලිය ගෙවන එකෙන්ම අපිට ඩොලර් බිලියන 10ක වාසියක් හම්බවෙනවා. මේවා අතහරින්න බෑ. මේ අනුව තමා අපේ වැඩසටහන සකස් කරලා, මේ රටේ පළමුවෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. හැමදාම අපිට ණය ගන්න බෑ. සහනාධාර දීලා කරන්නත් බෑ. සහනාධාර දෙන්න සල්ලිත් නෑ. ඔබට තමා හොඳ අනාගතයක් ඊළඟ අවුරුදු 20 දෙන්න ඕනේ. ඒකයි අපිට කරන්න තියෙන්නේ. හැම එක්කෙනාම අන්තිමට දුක්විඳින්නේ, බර ගන්නේ දරුවන් වෙනුවෙන් නේ. අධ්‍යාපනය දෙන්න නේ. මම දන්නවා තිබුණ අමාරුකම්. ඒවා තවත් නැතිකරන්නයි මම බලන්නේ. මොකද්ද සජිත් – අනුර කියන්නේ ? සජිත් හැම එකක්ම නොමිලේ දීලා තියෙන්නේ. ඉතුරුවෙලා තියෙන්නේ නොමිලේ හිසරදයක් දෙන්න. මෙහෙම හැම එකක්ම දීලා දීලා කොහේද සල්ලි තියෙන්නේ. සල්ලි නෑනේ බොරුනේ කියන්නේ. IMF එක්ක කතා කරලා මේවා වෙනස් කරනවා ලු. බොරුනේ කියන්නේ. අනුර කියනවා සමාජ වියදම් වැඩිකරලා බදු අඩු කරනවා කියලා. අපි IMF එකට කතා කරනවාලු. ගිහින් කතා කරන්න කියලා. තාම කතා කරලා නෑ. මොකද්ද IMF සංවිධානය කළේ, අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔක්කෝම දිහා බලලා ඒ අය කිව්වා අන්තිමට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අද කරන ඒවා. වෙන එකක් නෙමෙයි. අනිත් අයගේ ඒවා පිළිඅරගෙන නෑ. IMF එකේ සහයෝගය කාටවත් නෑ. අපේ වැඩසටහනට දෙන්නේ. අපි වෙන්වෙලා ගිහින් දවල් වැටුණ වළේ රෑ වැටෙනවා ද? ඔබේ අනාගතය අතේ තියෙන්නේ. ඒක කරන්න සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරයට කතිරේ ගහලා ඒ වරම ලබාදෙන්න.”

හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති “රනිල්ට පුළුවන්” ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...