*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

සජිත් ගියෙත් මහින්ද පාරේ.සැලුන් දොර ඇරියා!

කොළඹ LNW:සැප්තැම්බර් 21න් පසු රට ඉදිරියට යන්න නම් පක්ෂවලට ගැති නොවී සිටිය යුතු අතර පක්ෂ දේශපාලනය මෙහෙයවමින් සිටින්නේ දුෂිතයින් බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් සමඟි ජන බලවේගයෙන් ඉවත් වුණේ දුර්වල නායකත්වය නිසා වන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම නිසා පක්ෂය ගැන තිබුණු අභිමානය නැති වූ බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

”සැප්තැම්බර් 21 න් පස්සෙ රට ඉදිරියට යන්න නම් පක්ෂවලට ගැති නොවි ඉන්න ඕනි. අද මේ රටේ තීරණාත්මක මොහොතක්. පක්ෂ දේශපාලනය විකෘති වෙලා තියෙන මොහොතක පක්ෂ පාලනය කරන්නෙ දූෂිතයන්. ඒ නිසා පක්ෂ දේශපාලනය දූෂිතයි. ඒකයි මම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ජනතාවගේ පැත්තෙන් හිට ගත්තේ. මම දැන් පක්ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා ඉන්නෙ.සමගිය හදන්න අපි එජාපයෙන් ඉවත් වුණා. විශාල කැප කිරීමක් කළා. සමගි ජන බලවේගයෙන් මම ඈත් වුණේ දුර්වල නායකත්වය නිසා. ජනතාව ගැන හිතලා රට ගැන හිතලා අන්තර් පාලනයක් කරන්න රට භාර ගමු කිව්වා. සජිත් පස්සට පැන්නා. අපිට ලැජ්ජා හිතුණා පක්ෂය ගැන තිබුන අභිමානය කඩා වැටුණා. ඩලස් ජාතික නායකයෙක් කරන්න සජිත් හැදුවා. මම ඒකට කැමති වුණේ නෑ. සජිත් නිවටයෙක් බියගුලුයි. මම සජිත්ට කිව්වා රණසිංහ ප්‍රේමදාස ගැන කියලා පම්පෝරි ගහන්න එපා කියලා. ඇහුවේ නෑ. 88/89 රණසිංහ ප්‍රේමදාස තමයි තරුණයින් 65000 ක් ඝාතනය කළේ. සජබෙට ආවේ සජිත් වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස ප්‍රෙමෝට් කරන්න ආවේ නෑ සජිත් එහෙම කරේ නෑ. තලතා අතුකෝරල අවංක කාන්තාවක්. කවදාවත් හොරකම් කරන්නෙ නෑ. සජිතුත් මහින්ද ගිය පාරෙම යනවා සැලුන් දොර ඇරියා කියලා. මේ රට අද අරාජික වෙලා ලෝකයට ණය වෙලා. පාලකයන් දානපතියන් කෝටිපතියන් වුණා. ඔබතමුන්ලා ණය කාරයන් කළා. රට බංකොලොත් ලෝකයට ණයයි. මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් නෙමෙයි කොට්ටබ ඇටයක් පමණයි. සැබැවින්ම රටට ආදරේ නායකයෙක් තෝරා ගන්න. පාර්ලිමේන්තුවේ ඉන්නෙ 50% ක් හොරු 35% ප්‍රභූවරු වෙන්න ආස අය. 15% යි ඉන්නෙ බුද්ධිමත්. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න ඕනි. සැප්තැම්බර් 21 සුන්දර කතාවලට රැවටෙන්න එපා ටොපි චොකලට්වලට රැවටෙන්න එපා. අපේ රටේ තියෙන්නෙ දූෂිත දේශපාලනයක්. දුප්පත්කමින් දේශපාලකයන් ප්‍රයෝජන ගන්නවා. සජිත් කියනවා නැවත ගම්උදා හදනවලු. හදපු ගම්මුදාවක් නෑ. වටේ ඉදපු අය පොහොසත් වුණා. රණසිංහ ප්‍රේමදාස පොහොසත් වුණෙත් ගම්මුදා හදන්න ගිහින්. තවත් රැවටෙන්න එපා කියලා ඉල්ලනවා තේරුම් ගන්න. රට හදන එක ඉතා සරළයි ගෝඨාභයගේ වට්ටෝරුවක් ඕනි නෑ. කරුණු තුනක් තියෙනවා ඉෂ්ට කරගන්න. රටේ දුෂණය නවත්වන්න ඕනි. අපි වසරකින් නවත්වනවා. මම යුද්ධය වසර තුනෙන් නවත්වනවා කිව්වා. මම වසර දෙකයි මාස නමයෙන් නැවැත්වුවා. කවුරුත් විශ්වාස කළේ නෑ. පාස්කු ප්‍රහාරය නවත්වා ගන්න බැරි වුණා. අපි ජාතික ආරක්ෂාව මාස හයයෙන් ශක්තිමත් කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මාස හයෙන් නීතිය ඉෂ්ට කරනවා. පොලීසිය දේශපාලනයෙන් මුද වනවා. රයේ විනය ප්‍රශ්නයක් තියෙනවා. මත් ද්‍රව්‍ය උවදුර අපි නවත්වනවා. අපි හැම කෙනාටම තුන්වේලම අඩු මුදලකට කන්න පුලුවන් රටක් හදනවා” යනුවෙන් ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළකළේ අද (16) නුගේගොඩදී පැවති මහජන රැළියක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan