NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

Date:

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට නම් සියලු දෙනා එකම වේදිකාවකට පැමිණිය යුතුවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

දැනටමත් විපක්ෂයේ කණ්ඩායම් එකට එකතු වෙලා වැඩකරන්න තීරණයකට පැමිණ සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකට එකතු වීමක් සිදුවන්නේ නම් එය ඉදිරියේදී සිදුවනු ඇති අතර දැනට සන්ධානගතව වැඩ කරන බව ඔහු අවධාරණය කරයි.

”එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ අපි එකතුවෙලා වැඩ කිරීමේ තීන්දුවකට එළඹිලා තිබෙනවා. ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කළා සන්ධානයක් හැටියට ඉදිරියට වැඩ කරන්න. විශේෂයෙන්ම දේශපාලන තීන්දු ගැන අපට පස්සේ හිතන්න පුළුවන්. දැනට මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට අපි එකට වැඩකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව අනෙක් දේශපාලන පක්ෂ, මුස්ලිම් දෙමළ සංවිධාන මේ සියල්ලම එක්ක එකට වැඩකරන්න අපි දැනටමත් වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයයි සමඟි ජන බලවේගයයි එකට එකතු වෙයිද කියල සමහර අය අහනවා. දැනටමත් එකතු වෙලා වැඩ කරන්නේ. බිම් මට්ටමේ අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් වැඩකරන්න පටන් අරන් තිබෙනවා. ඒක දේශපාලන පක්ෂයක් කරන එක කියන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි ඒක අනාගතයේදී අවස්ථාව බලලා සුදුසු තීරණවලට පක්ෂ එළඹෙයි.” යනුවෙන් අත්තනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...