අපහසු තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව පහසු තරගය අපහසුවෙන් ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW:


ශ්‍රී ලංකාව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට වඩා පහසු අවස්ථා දුෂ්කර ගන්නා බව අප බංගලාදේශ සටනට පෙර ලියූ සටහනේ එම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මෙන්ම එහිදී කණ්ඩායම තරග කරන ආකාරය ගැන ද සිඳු වූ ආකාරයට සමාන අදහසක් ඇතිව ලියා තැබුවෙමු.ඒ බව යළිත් සහතික කරමින් ආසියානු කුසලාන තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහි තරගය ජය ගන්නට ශ්‍රී ලංකාවට විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට විය.


ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනකින් පහළ පිහිටි හොංකොං කණ්ඩායම නිවැරදිව සිය පන්දු රැකීමේ වගකීම ඉටු කළේනම් සමහර විට මේ තරගයෙන් ඔවුන්ට ඓතිහාසික ජයක් හිමිවන්නට තිබිණ.එසේම ශ්‍රී ලංකාවට එවැනිම පරාජයක නීරස අත්දැකීම විඳ ගන්නට ද තිබිණ.මේ සියල්ල අතරේ හොංකොං කණ්ඩායම ශ්‍රී ලංකාවට මෙතරම් සාර්ථකව අභියෝගයක් ඉදිරිපත් කලේ ලාංකේය උපදේශනයක් සහිතව වන්නට ද හැකිය.එම කණ්ඩායමේ පුහුණුකරුවා කෞෂාල් සිල්වා ය.එසේම වේග පන්දුව සහ ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් කටයුුතු කරන්නා මාරියෝ වෙල්ලවරායන්ය.


කාසියේ වාසිය ලැබූ චරිත් අසලංකගේ ඇයුමෙන් පන්දුවට පහර දීමට පැමිණි හොංකොං කණ්ඩායම දැඩි ආත්ම විශ්වාසයකින් පහර එල්ල කිරිම කැපී පෙණුන සිදුවීමක් විය.එක අතකට නැතිවන්නට දෙයක් නැති නිසා එසේ කළ බව කියන්නට ද නොහැකිය.එහි තිබුණේ ආවොත් ආවා ගියොත් ගියා ආකාරයේ පහර දීමක් නොවේය.සැළසුමක් සහිත ආක්‍රමණයක ස්වභාවයක්ය.


අන්සෙයි රාත් ලබා ගත් ලකුණු 48 මෙන්ම සියල්ලෙන් අංග සම්පූර්ණ වූ නිශාකාට් කාන් නොදැවී පන්දු 38 න් රැස් කළ ලකුණු 52 ද හොංකොං කණ්ඩායම සතුව තිබුණු විශ්වාසය පැහැදිළි කරන්නක් විය.අවසාන පන්දු ඕවර් කිහිපයට හොංකොං කණ්ඩායම මුහුණ දුන් ආකාරය සිතන විට කඩුලු 4 ක් පමණක් දැවී ගොස් තිබියදී තරගයේ අවසාන ඕවරයට විශාල ලකුණු ගණනක් ඔවුන්ගෙන් එකතු වන්නට තිබිණ.එහෙත් මහේෂ් තීක්ෂණ විසින් යවන ලද එම පන්දු ඕවරය තුළ හොංකොං ක්‍රීඩකයන්ට විශාල පහරවල් සඳහා ලකුණු සඳහා යන්නට ඉඩක් නොතිබිණ.ඒ නිසා හොංකොං ඉණිම ලකුණු 149 ට සීමා විය.එසේ නොවී අවසාන ඕවරයේ තවත් ලකුණු 12 ක් පමණ එකතු විණිනම් තරගයේ තීරණයට එය තදින් බලපාන්නට තිබිණ.


පිළිතුරු ඉණිමේ ආරම්භය ලකුණු 26 ක් වෙද්දී කුසල් මෙණ්ඩිස්ගේ දැවී යාමෙන් පීඩනය ශ්‍රී ලංකාව දෙසට හැරවිණ.ශ්‍රී ලංකා ඉණිමේ හොඳම සබඳතාවය ඇති කළේ තෙවන කඩුල්ල වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා ය.තරගයේ වීරයා වීමට සුදුසු ඉණිමක් ක්‍රීඩා කළ පැතුම් ලකුණු 58 ට සහ කුසල් ලකුණු 20 ට ලකුණු පූවරුව 119 ක් ව තිබියදී දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳ උවමනාව දැඩි අසීරු අඩියකට වැටිණ.


ශ්‍රී ලංකාව මුහුණ දුන් 18 වන ඕවරයේ පළමු පන්දුවේදී කමිඳු මෙණ්ඩිස් හයවන කඩුල්ල හැටියට දැවී යන විට ලකුණු පූවරුව 127 ක් පමණක් විය.එතැන් සිට පිටියට පිවිසි වනිදු හසරංග පන්දු 9 ක් තුළ ලකුණු 20 ක් නොදැවී ලබා ගනිමින් දියත් කළ ප්‍රහාරය නිසා හ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට නැවත හරවා ගන්නට හැකි විය.18 වන ඕවරයේ දී හොංකොං නායක යසීම් මුටාසා යොමු කරන ලද නෝ බෝල් පන්දුව වෙනුවෙන් ලැබුණ නිදහස් ප්‍රහාරයක් සඳහා වන පන්දුවට වනිඳු හසරංග එල්ල කරන ලද හයේ පහර තරගයේ තීරණයට දැඩිව බලපැම කළ පහර විය.ඒ අවස්ථාවෙන් උපරිමය නෙලා ගත් වනිඳු 18 වන ඕවරයේ සිව්වන සහ පස්වන පන්දුවලට එල්ල කරන ලද හතරේ පහර දෙකකින් තවත් පන්දු 7 ක් ඉතිරිව තිබයදී ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක් ගෙන දෙන්නට සමත් විය.
තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.
https://bit.ly/4nBS3iU

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...