එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින් එක්සත් ජනපදයට සංක්‍රමණයව ඇති බිලියනපතියන් අතුරින් ඉහලින්ම සිටින ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් පස් දෙනෙකු පිළිබඳව මෙමඟින් සාකච්ජා කෙරෙන අතර ඔවුන්ගේ ඒකාබද්ධ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 900 ඉක්මවා තිබේ.

මෙම බිලියනපතියන් විවිධ පසුබිම්වලින් පැමිණි අතර තාක්ෂණය, දේපළ සහ වෙළඳාම පිළිබඳ විශේෂඥතාවයෙන් තම ධනය ගොඩනඟා ගෙන ඇත.

එහි මුල්තැන රැඳී සිටින්නේ ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් ෆොබියස් සඟරාව හඳුන්වා දෙන එලොන් මස්ක්ය.

මස්ක් දකුණු අප්‍රිකාවේ උපත ලබා වයස අවුරුදු 17 දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස කැනඩාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති අතර මේවන විට 54 හැවිරිදි ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඩොලර් බිලියන 463 ක් ලෙස ෆෝබ්ස් සඟරාව පෙන්වා දී ඇත.

ඔහු විසින් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ලෙස අන්තර්ජාලය, පිරිසිදු බලශක්තිය සහ අවකාශය හඹා යාම හඳුනාගෙන ඇත. ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදක සමාගමේ සභාපතිත්වය දරන මස්ක් එහි කොටස් වලින් 13% ක් පමණ හිමිකම් කියනු ලැබේ.

ගූගල් හි සම-නිර්මාතෘ වන 51 හැවිරිදි සර්ජි බ්‍රින්, ඩොලර් බිලියන 186 ක ඇස්තමේන්තුගත ධනයක් සහිත එක්සත් ජනපදයේ දෙවන ධනවත්ම සංක්‍රමණිකයා ලෙස සැලකේ.

යුදෙව් විරෝධය හේතුවෙන් ඔහුගේ පවුල රුසියාවෙන් පලාවිත් ඇති අතර පරිගණක විද්‍යාව පිළිබඳ උසස් උපාධි හදාරමින් සිටියදී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී හමු වූ ලැරී පේජ් සමඟ ගූගල් සම-ආරම්භ කර ඇත. බ්‍රින් සිය ධනයයෙන් පාකින්සන් පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 1.5 කට වඩා පරිත්‍යාග කර ඇති අතර, දේශගුණික විපර්යාස වෙනුවෙන්ද විශාල වශයෙන් පරිත්‍යාග සිදු කර ඇත.

Nvidia සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී 62 හැවිරිදි ජෙන්සන් හුවාං ඇමරිකානු ඩොලර් බිලියන 154 ක ශුද්ධ වත්කමක් ඇති ඇමරිකාවේ තුන්වන ධනවත්ම සංක්‍රමණිකයා වේ.

තායිවානයේ උපත ලැබූ හුවාං, කුඩා කාලයේදී තායිලන්තයටත්, පසුව තායිලන්තයේ සමාජ නොසන්සුන්තාවයෙන් බේරීම සඳහා වයස අවුරුදු නවයේදී එක්සත් ජනපදයටත් සංක්‍රමණය වී ඇත. ඔහු තායිවානයෙන් සංක්‍රමණය වූ බිලියනපතියන් 11 දෙනාගෙන් කෙනෙකි,

සිව්වන ස්ථානයේ සිටින්නේ ඩොලර් බිලියන 75 ක ශුද්ධ වත්කමක් ඇති 80 හැවිරිදි තෝමස් පීටර්ෆි ය. ඔහු අන්තර්ක්‍රියාකාරී තැරැව්කරුවන්ගේ සභාපතිවරයා වන අතර එය එහි විශේෂිත වෙළඳ වේදිකාව නවීන ආයෝජකයින්ට අලෙවි කරයි.

දේශපාලන ගැටුම් හේතුවෙන් සෑම දෙයක්ම පාහේ අහිමි වූ හංගේරියානු වංශාධිපතියන්ගෙන් පැවත එන්නෙකු ලෙස පීටර්ෆි 1965 දී ඇමරිකාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 21 දී පමණය. ඔහු ෆ්ලොරිඩාවේ පිහිටා ඇති අක්කර 560,000 කට වඩා ඇති ප්‍රධාන ඉඩම් හිමියෙකි.

79 හැවිරිදි මිරියම් ඇඩෙල්සන්, ඩොලර් බිලියන 36 ක ධනයක් සමඟ ලැයිස්තුවේ පස්වන තැනට පැමිණ තිබේ. ඇය 2021 දී වයස අවුරුදු 87 දී මිය ගිය ලාස් වේගාස් සෑන්ඩ්ස් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ෂෙල්ඩන් ඇඩෙල්සන්ගේ වැන්දඹුවයි.

ඊශ්‍රායලයේ උපත ලැබූ ඇඩෙල්සන් වෛද්‍යවරියක් වන අතර සිංගප්පූරුවේ සහ මැකාවෝහි කැසිනෝ ඇති නිව්යෝර්ක් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සූදු අධිරාජ්‍යයෙන් අඩකට වඩා ඇය සහ ඇගේ පවුල දැන් හිමිකරගෙන සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...