විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

Date:

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස්ති කර ඇත.

ඒ පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංඩල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...