*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

94 න් පස්සෙ ක්‍රීඩා ඇමතිවරු එක මේසෙකට…

ක්‍රීඩා අමාත්‍යවරු එකතු කරන්නට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබුණේය.එයට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී නොවීය.සමහර විට ඒ රොෂාන් රණසිංහ යනු තමාම නිසා විය හැකිය.ඊයේ පෙරේදාත් කැඳවා තිබූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇසෙන නඩුවක සැකකරුවන් ලෙස නාමල් සමඟ එකට පෙනී සිටින්නියක වන සුජානි බෝගෝල්ලාගම මේ සභාවේ සිටියාය.ඒ ඇය ජාතික ක්‍රිඩා සභාවේ ලේකම්වරාය ලෙස වැජඹෙන නිසාය.

හිටපු ඇමතිවරුන්ට අමතරව එහි සිටියේ අර්ජුන රණතුංග සහ සුදත් චන්ද්‍රසේකරත් සුජානිත් පමණය.ඇමතිවරුන්ගෙන් සිව්දෙනෙක් පැමිණ නොසිටියේය.ඊට අමතරව ආරාධනා ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ තේනුක විදානගමගේ ද නොසිටියේය.සී.බී.රත්නායක ඔහුගේ සොහොයුරාගේ අවමංගල්‍යය කටයුතු නිසා නොපැමිණෙන්නට ඇත.නාමල්ගේ නොපැමිණිම ගැන ඉහත සඳහන් කළේය.අනෙක් නොපැමිණිනු තැනත්තන් වනුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ එස්.බී.දිසානායකය.

සෘජු එජාප ආණ්ඩුවක ක්‍රීඩා අමාත්‍යවරයෙක් සේ 2000 න් පසු අපට හමුවන එකම තැනත්තා ජොන්ස්ටන් පමණය.ලක්ෂමන් කිරිඇල්ල එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ අතර අනතුරුව ඔහු ජොන්ස්ටන්ට ක්‍රිඩා අමාත්‍ය ධූරය හිමි වූ එජාප ආණ්ඩුව පිහිටුවන්නට කඩාගෙන ආ කණ්ඩායමේ සිටියේය.එතැන් පටන් ඔහු සජිත් ප්‍රේමදාස්ගේ නායකත්වයෙන් සමඟි ජන බලවේගය පිහිටුවන තෙක් එජාපයේම උන්නේය.

ගාමිණි ලොකුගේ එජාපයේ පතාක යෝධයෙක්ය.ඔහු රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති පාලනයට එරෙහිව එජාපයෙන් බැස විත්,මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට එල්ලුන රෑණෙ හිටි පතාක යෝධයෙකි.එහෙත ඔහුට රනිල්ගෙ නායකත්වය යටතේ යළිත් වැඩ කරන්නට සිඳු වි ඇති අතර අද රනිල් – රාජපක්ෂ වාදී ආණ්ඩුවේ සාමාජිකයෙකි.

ජීවන් කුමාරණතුංග ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකි.චන්ද්‍රිකා බලයේ සිටි සමයේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ ඔහු මේ වන විට පවතින ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට ඉන් විතැන්ව චන්ද්‍රිකා සහ කුමාර වෙල්ගම සමඟ වෙන දේශපාලන දිගයක් පටන්ගෙන ඇත.එස්බී දිසානායක විශාල වැඩ කොටසක් කළ ද,ඒවා යම් පිරිසකට විශාල කොටසක් වෙන් වූ ඒවා බැවින් දැඬිව විවේචනයට ද ලක් වූවේක්ය.ඔහු ද නියෝජනය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ය.


ඩලස් අලහප්පෙරුම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පළමු ක්‍රීඩා ඇමතිය.දැන් ඒ ආණ්ඩුව හමාර වි රනිල් වික්‍රමසිංහ සමඟ නව ගමණ අරඹන විට ඔහුට එරෙහිව සටනට ආවේ ඩලස් ය.යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරු සිව් දෙනෙක් විය.ඒ පිළිවෙලින් නවීන් දිසානායක,දයාසිරි ජයසේකර,ෆයිසර් මුස්තාෆා සහ හරීන් ප්‍රනාන්දු ය.මේ සිව්දෙනාද අද එක සංධානයකය.හරීන්ටත් පිරිසිදු එජාප ආණ්ඩුවක ඇමති ධූරයක් හිමි නොවිණි.මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවද නැවත රාජපක්ෂවරුන් දෙසට හැරිණ.

මහින්ද රාපක්ෂගේ සම්ප්‍රාප්තියෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධූරයට මුළින්ම පත් වුණේ ගාමිණි ලොකුගේය.අනතුරුව සී.බී රත්නායක පැමිණි අතර අවසානයට පත් වූයේ සී.බී.රත්නායකය.ඒ තිදෙනාගෙන් සී.බි.පමණක් පැමිණ නොසිටියේ ඒ ඔහුගේ සහෝදරයාගේ අවමඟුල් කටයුතු නිසා විය යුතුය.

එසේම මේ මොහොතේ රටම කතා කරන තවත් වැදගත් පුද්ගලයෙක්ද මේ ක්‍රීඩා අමාත්‍යවරුන් අතරට එන්න අද ජිවතුන් අතර නැත.ඔහු මංගල සමරවීර ය.ඔහු ද චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ පළමු කාර්තුවේ අවසාන කාලයේ ටික කාලයකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූවේය.

මේ සියලු දෙනා 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායක 17 වසරක එජාප බලය හමාර කරමින් බලයට පැමිණි පසු පත් වූ ඇමතිවරුය.ඉන් අනතුරුව සෘජු දේශපාලන පක්ෂ ලෙස එජාපය හෝ ශ්‍රී ලංකා ආණ්ඩු බලයට නොපැමිණිය අතර නමුත් මේ බොහෝ දෙනා ශ්‍රී ලංකා හවුල්කරුවන් වී සිටි හෝ එතැනට පත් වූ අයය.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවීමක් නැති සංධානයක් ලෙස පවතින සජබ දේශපාලන කඳවුර නියෝජනය කරන ලක්ෂමන් කිරිඇල්ල ද ක්‍රීඩා ඇමති ධූරයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල භූමිකාවකට පන දෙමින් සිටියදී ය.

දයාසිරි ද අවස්ථා කිහිපයකදීම කඳවුරු වෙනස් කළ අයෙක්ය.එසේම මේ සභාවට ක්‍රිඩා අමාත්‍යවරයාගේ උපදේශක ලෙස එක් වූ සුදත් චන්ද්‍රසේකර ද යහපාලන සමයේ එම රජයේ ප්‍රබල පුද්ගලයෙක් වූ අතර රනිල් වික්‍රමසිංහයන්ට අතිශයින් සමීපව සිටි ඇයක් වේ.මේ කිසිවෙක්ට වෙනස් වෙන්නට බැහැ හෝ වෙනස් නොවි සිටිය යුතුය යන්න අපේ අදහස නොවේය.එක් පසෙක සිට නරක දේ තවත් පසෙක සිට හොඳ වෙන සේ හෝ එක් පසෙක සිට නරකයි කියන දේ තවත් පසෙකදි හොඳ වීම අතර එක් මතයක් හෝ ප්‍රතිපත්තියක් නොදැරීම අවුල්ය.ඒ සම්බන්ධයෙන් වන අවුල එපමණකි.

කුමන තත්ත්වයක වුව එක මේසයක තබාගෙන ක්‍රිඩාව ගැන කතා කරන්නට පැමිණි හිටපු ක්‍රිඩා ඇමතිවරු මෙන්ම ඒ සඳහා ආරාධනා කළ ක්‍රිඩා ඇමතිවරයා ද සිඳු කළේ යහපත් වැඩක් ය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සේ රොෂාන් රණසිංහ සපුරා නිදහස් ද යන්න පිළිබ ද නිරන්තරයෙන්ම ගැටළු මතු කරන සහ සිඳුවීම් නිර්මාණය කරන නාමල් රාජපක්ෂ මෙම හමුවට සහබාගි නොවිම මිනිසුන් තුළ ඇති කුහුල වඩවන්නකි.

“මනුස්සයෙක්ට ප්‍රශ්නෙ ආවම ඒකට ඔබින කරන්න ඕනි දේ කියනවා.ඒත් කරන්න බැරි මොකක් හරි බලවේගයක් නිසා පස්සෙ හැකිලිලා ඉන්න වෙනවා.”

ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසූ කතාව ඇත්ත වන්නට ඉඩ ඇත.ගැටළුවක් මතුවන විදිහට ජනතා නැගිටීම් හමුවේ ඉවත්ව යන්නට සිඳු වූ ක්‍රිඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 80% වඩා වත්මන් අමාත්‍යවරයාගේ ද කාර්ය මණ්ඩලයේය.සංගම්වල නිලදාරීන්ව සිටියදී රට අපකීර්තියට පත්වන තීරණ ගත් පිරිස් සමහරක් තමන්ගේ ක්‍රිඩා ව්‍යාපාරවලට ඇති ගෙවීම් සමඟම අමාත්‍යංශයට උපදෙස් දෙන සහ මඟ පෙන්වන ජාතික ක්‍රීඩා සභාවේ තනතුරුවලය.එසේ සිටියදී ස්වාධීනකම පසෙක තබා සමහර අය සමහර ක්‍රීඩාවලට එරෙහිව පෙනී සිටින්නට ද යන්නේය.හිටපු ඇමතිවරයා සමඟ එකම නඩුවකට මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැක කරන්නියක් ජාතික ක්‍රිඩා සභාවේ ලේකම්ය.පාරදෘශ්‍ය සහ දූෂණයට එරෙහිව සැකයකින් තොරව වටපිටාවක වැඩ කරන්නට සිහින දකින ශුද්ධ අර්ජුන රණතුංගයන් ද මේ අතර ඒ සංධානයේ එකට ඉඳගෙන සිටියි.

පුදුම වන්නට දෙයක් නැත.ක්‍රීඩා ඇමතිවරු සියල්ලම තැනින් තැනට මාරු වූ සේ වෙනස් වෙන්නට කළින් කළට නියන සටන් පෘට ප්‍රතිපත්ති වෙනස් කරන්නට අර්ජුනට ද හැකියාව තිබිය හැකිය.

“ඔක්කොම යාළුවො මල්ලි” යළි යළිත් සිහියට එන්නේ ඒ වචන පෙළය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan