චීනයෙන් අමුතු ආරංචියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග් ෆූ චීන ආරක්ෂක අමාත්‍යවරයා සති දෙකක කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, එලෙස ප්‍රසිද්ධයේ පෙනී නොසිටීම මේ වනවිට දැඩි ආන්දෝලනයකට හේතු වී ඇතිබවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉහළ අමෙරිකානු බලධාරීන් ද ඔහුගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් චීනයෙන් විමසා ඇති බවත්, අමාත්‍ය ලී ෂැන්ග් ෆූ ගෙවුණු සති දෙකක කාලයක් තුළ නිල රැස්වීම් කිහිපයකට සහභාගීවී නොසිටි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අගෝස්තු 29 වනදා අප්‍රිකානු රාජ්‍යයන් සමග පැවති ආරක්ෂණ කවුන්සිලයකදී ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති අතර මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව දැනුවත් නොවන බව චීන රජයේ ප්‍රකාශක මාවෝ නින්ග් පවසා ඇති බවද වාර්තා වේ.

CNN පුවත් සේවය පෙන්වා දෙන්නේ, අමාත්‍ය ලී විමර්ශනයකට මුහුණ දෙමින් සිටින බවත්, අමෙරිකානු රජයේ මතය එය බව බ්‍රිතාන්‍යයේ ෆයිනැන්ෂියල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇති බවයි.

මේ ෂී ජින් පින් රජය තුළ අමාත්‍යවරයෙකුගේ අතුරුදන්වීමක් වාර්තා වූ පළමු අවස්ථාව නොවීම ද විශේෂත්වයක් වන අතර ගෙවුණු ජූලි මාසයේදී එරට හිටපු විදෙස් අමාත්‍ය චින් ගන්ග් ද මෙලෙසම අතුරුදන් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන් දින කිහිපයකට පසුව චීන රජය නව විදෙස් අමාත්‍යවරයෙකු පත් කළ බවද තොරතුරු වාර්ත වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...