ඉතිහාසයේ පළමුවරට රජයෙන් කිසිදු මුදලක් නොගෙන ස්වේච්ඡාවෙන් වැඩකරන ජනාධිපති බවට මම පත්වෙනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම තමන් ජයග්‍රහණය කරන බවත් වඩාත් ජනතාවාදීව යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට තමන් සහ තම කණ්ඩායම සැදී පැහැදී සිටින බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“සැප්තැම්බර් 21 වෙනිදාට අපි අනිවාර්යයෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරනවා, ඒක ස්ථිරයි. මම සහතික වෙනවා ඒ ජයග්‍රහණයට. විශෙෂයෙන්ම මම කියන්න කැමතියි අපේ රටේ ලේ පිපාසිත ම්ලේච්ඡත්වය, තර්ජනය, ගර්ජනය, ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට ඔබ බය වෙන්න එපා බිය සැක සංකා ඇති කරගන්නේ නැතිව ඡන්දපොලට ගිහිල්ලා ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න. අපට පක්ෂව දෙන අයට විපක්ෂව දෙන අයට දෙගොල්ලොන්ටම පණිවිඩයක් දෙන්න කැමතියි. ඔබ සියලු දෙනාම අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. නීතිය හා සාමය අකුරටම ශක්තිමත්ව ක්‍රියාත්මක කරවනවා. මොනම ආකාරයකින්වත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරවන්නට අපි ඉඩදෙන්නේ නෑ. මම ඔබට පොරොන්දු වෙනවා ජනාධිපති හැටියට මම ඔබව හමුවෙන විට කිසිම වෙනසක් සිදුවන්නේ නෑ. වඩාත් නිහතමානීව වඩාත් ජනතාවාදීව වඩාත් පොදුජන කේන්ද්‍රීයව මම විතරක් නෙවෙයි මමත් මගේ කණ්ඩායමත් ඒ යුතුකම වගකීම අකුරටම ඉෂ්ට සිද්ධ කරන්නට සැදී පැහැදී සිටිනවා. මම විශ්වාස කරනවා මේ රටේ සුවහසක් ජනතාව මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා හැටියට මාව පත්කරයි කියලා. ඒ ජනතාවට මම කියන්න කැමතියි ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් වැඩකරන ජනාධිපතිවරයා බවට මම පත්වෙනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (16) හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...