මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්!

0
236

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):

අද (17) දින මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු විදේශීය නිරීක්ෂණ කාණ්ඩායම් එම සාකච්ඡාවට සහභාගි වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අසියානු රටවල නිරීක්ෂණ කණ්ඩායම් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිත අතර, කණ්ඩායම් 10ක් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.