(VIDEO) අලුත්ම විදිහේ ඩබල් ගේම් එකක පෙර ලකුණු, මුදල් වලට ඡන්ද පැකේජ,ප්‍රධාන අපේක්ෂකයකුට තොප්පියක් වැටෙන හැඩ – අද පුවත් 09/17

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ.

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට “හිතේ හයිය” ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

එක්වන්න අදත් උදෑසන පුවත් සමඟින්….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...