සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ.

ඒ අනුව අගෝස්තු මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 29% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 28%ක ප්‍රතිශතයක් ලබමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 19%ක ප්‍රතිශතයක් ලබමින් තෙවැනි ස්ථානයෙහි පසුවන අතර එක්සත් ජාතික පක්ෂය 9%ක ප්‍රතිශතයක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

මෙහිදී ප්‍රමුඛ පක්ෂ දෙක සඳහා දෝෂ ආන්තිකය 2 – 3% වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ.
මහමැතිවරණය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසය සඳහා IHP වාර්තාව පහතින් දැක්වේ.


