ලොවක් දිනිය හැකි රටක් වටින හෙටක් හිමි නෙත්සලාගේ පිමි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 17, (LNW) කොළඹ :

දිලිනි ගැන අප ලියූවේ 2023 ඔක්තෝම්බර් 26 වන දිනය.ඒ ඇය ගැන මාධ්‍යයක පළ වූ පළමු සටහන විය.මේ ඇත්තේ එයය. https://sinhala.lankanewsweb.net/10/26/77687/
අද අප කතා කරන්නේ මේ විශ්ම කර්ම ක්‍රීඩිකාවගේ අලුත්ම දුර පිම්ම ගැනය.එය මීටර් 6.26 ක් ලෙස සටහන් විය.අවුුරුදු 14 ක ක්‍රීඩිකාවක විසින් මෙවැනි පිම්මක් පැනීම අපූරුය.එය ශ්‍රී ලංකාවට පමණක් අදාළ නොවන ලෝකයටම අදාළව ගත්තද අවුරුදු 14 ක ක්‍රීඩිකාවක් හැටියට කරන ලද විශිෂ්ඨ දුර පැනීමක්ය.
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දී අවුරුදු 16 න් පහළ දුර පැනීමේ දී පනින ලද මේ පිම්ම උළෙලේ නව වාර්තාවක්ය.ශ්‍රී ලංකාවෙ කාන්තා දුර පැනීමේ ඉසව්වේ ඉතිහාසය ගත් විට ද,මීටර් 6.00 සීමාව ඉක්මවා පැන ඇත්තේ සුළු පිරිසක්ය.ඒ අතර නෙත්සලා වැදගත් වන්නේ මෙවැනි වයසක කිසිවෙකුත් ඒ නම් අතර නොවන බැවින්ය.


එසේම අපට ආසන්නම ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඉන්දියාවේ ද අවුරුදු 16 න් පහළ ජාතික මට්ටමේ දුර පැනීමේ වාර්තාව වන්නේ මීටර් 5.79 ක් ය.මෙවර ගෙවුණු දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථමයා වාර්තා කර තිබුණේ මීටර් 5.79 කි.ඇයට අවුරුදු 20 න් පහළ ක්‍රීඩිකාවක ලෙස එම තරගාවලියට සහභාගි නෙවීමට හේතුව වූයේ ද හැකියාව තරම් ඇයගේ වයස ගෙවී නොතිබුණු බැවින්ය.
ඇය දුරට පමණක් නොවේය.උසට ද හපනියකි.දීවීමටද හපනියකි.එහි ඇති තාක්ෂණික විශේෂත්වය වන්නේ ඇය උස පැනීමේ දී පැනීමට වාරු කර ගන්නා පය සහ දුර පැනිමේ දී වාරු කර ගන්නා පය දෙකක් වීමය.ඇතැම් විට අප මීට පෙර තැබූ සටහනේ කියූ පරිදිම මේ හැකියාව අනාගතයේ දී ඇය උසවත් දුරවත් නොවන අන්දමේ විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට තුන් පිම්ම හෝ කඩුලු ඉසව්වෙන් සමත්කම් පාන ඉඟියක් වන්නට ද ඉඩ ඇත.හ් සඳහා වන සූදානම පෙන්වමින් උස පැනීමෙන් ඈථ් වෙමින් සිටිය ද,දුර පැනීම ඉසව්වේදී මෙන්ම ඇය උස පැනීම් ඉසව්වේදී ද මීටර් 1.61 ක දක්ෂතාවයක් පෙන්වමින් ජයග්‍රහණය කළේ ඇයගේ හොදම දක්ෂතාවයද සටහන් කරමින්ය.


ශ්‍රී ලංකාවේ දුර සහ තුන් පිම්ම ඉසව්වලදී කැපී පෙනෙන දස්කම් දැක් වූ දමිතා චාමලි දහනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩිකාවක්ය.ඇය තවත් ඉසව් ගණනාවකට දක්ෂතා ඇත්තියක ලෙස සත් ප්‍රයාම ඉසව්වද නියෝජනය කළාය.මේ සියලු හැකියාවන් හී ආභාෂය සමඟ දහනායක ද සිටින්නේ පුහුණුකාරියකට තිබිය යුතු පරිකල්පනමය හැකියාවෙන් ද පොහොසත් බව විදහා පාමින්ය.
මෑතකදී නිමාව දුටු අවුරුදු 20 න් පහළ දකුණු ආසියාතික තරගාවලියේ දී මීටර් 110 තඩුලු රන් පදක්කම දිනූ සඳුන් කෝසල මෙන්ම තුන් පිම්ම රිදී පදක්කම දිනා ගත් හංසක සංදීප ද පුහුණුකරන්නේ දහනායකම වීම ඊට හොඳම උදාහරණයක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...