ඒ්ෂාන් යළි ක්‍රියාත්මක වෙයි – ඔෂධ වෙනුවට ලහිරු ශතක අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 17, (LNW) කොළඹ :

පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දී හොඳ පන්දු යැවීමක නිරත වුණු ඒ්ෂාන් මාලිංග යළිත් දෙවන ටෙස්ට් තරගයේ දී ද කඩුලු අතරට පැමිණෙමින් දකුණු අප්‍රිකාව ලකුණු 334 ක් කරා යද්දී ලකුණු 68 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.දඟ පන්දු යවන ෂොනාල් දිනූෂ ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.දකුණු අප්‍රිකානු ඉණිම තනිකරම තනිව රඳවා ගෙන ක්‍රියාත්මක කළ නායක නීල් බ්‍රෑන්ඩ් ලකුණු 129 ක් ලබා ගන්නට සමත් වුණා.


පිළිතුරු ඉණිමේ දී දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව ආසන්නයටම පැමිණි ශ්‍රී ලංකා ඉණිමට ලකුණු 319 දී තිරිංග වැටුණා.ඒහිදී පළමු තරගයේ දක්ෂතා සමඟ ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාවට කැඳ වූ ඔෂධ ප්‍රනාන්දු වෙනුවට ලහිරු උදාර ආරම්භක පිතිකරුවාගේ වගකීම දෙ’උර මත තබා ගත් වටිනා ලකුණු 129 ක් රැස් කරන්නට සමත් වුණා.ලහිරුට අනගි සහයක් දුන් නායක පසිඳු සූරියබණ්ඩාර හිමි විය යුතුම තිබූ ශතකය අහිමි කර ගනිමින් ලකුණු 92 ට දැවී ගියා.ශ්‍රී ලංකානට විශාල හිසරදයක් බවට පත් වුණා දකුණතින් පිට දඟ පන්දු යවන ප්‍රෙනේලන් සුබ්‍රයන් ලකුණු 64 ට කඩුලු 6 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.


තරගයේ තෙවන දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු ඒ් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 3 ක් දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්,දිනය නිමාවෙද්දී ජෙන් ඩු ප්ලෙසිස් නොදැවී 45 ක් ද,ඩෙවල්ඩ් බ්‍රෙවිස් නොදැවී ලකුණු 29 ක් ද ගබා ගනිමින් දකුණු අප්‍රිකාවට සිවිවන දිනයට අලුත් බලාපොරොත්තුවක් ඇති කර තිබුණා.
තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න.→→ https://es.pn/3TtQzdI

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...