අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

Date:

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නවලට පිළිතුරු දී ඇති බවත් දේපළ තිබීම යනු දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ප්‍රශ්නය – වසන්ත සමරසිංහ ඇමතිතුමාගෙ සහ සුනිල් වටගල ඇමතිතුමාගෙ වත්කම් ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ලොකු වාර්තාවක් පළවෙනවා. ඔබතුමා දැක්කාද ඒවා ? මේවායෙ ඇත්තක් තියෙනවාද ?

“සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා, මම හිතන්නෙ එතුමාගෙ වත්කම් සම්බන්ධයෙන් නෙවෙයි, එතුමාට අදාළ දේපළ සම්බන්ධයෙන් සමහර සමාජ මාධ්‍යවල යන ප්‍රචාර ගැන. එතුමා ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා ඒ ගැන කටයුතු සිදුවෙයි. වසන්ත සමරසිංහ ඇමතිතුමාත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. ඉතින් දැන් අප සතුව තිබෙන, අපේ සමීපතමයින් සතුව තිබෙන වත්කම් – බැරකම් ප්‍රකාශයක් අපි ජුනි 30 වෙනිදා වෙනකොට අපි ලබාදීලා තියෙනවා. එතකොට ඒක අවශ්‍ය නම් කෙනෙකුට බලන්න පුළුවන්. මම හිතනවා මේක හොඳ ආදර්ශයක්. අපි දේශපාලනයට එන්න කලින්හරි, දේශපාලනයේ යෙදෙන ගමන්හරි සමහර වෘත්තීන් වල නියැළෙමින් කටයුතු කරලා තියෙනවා. ඉතින් දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි. දේපළ තිබෙන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තිබෙන්නෙ කෙනෙකුට අයථා ලෙස උපයාගත් දේපළ හෝ වත්කම් තිබෙනවා නම්. අපි පක්ෂයක් හැටියට කාටහරි දේපළ තිබෙනවාට විරුද්ධව කටයුතු කරලාත් නෑ, කතා කරලාත් නෑ. යම්කිසි කෙනෙක් තමන්ට කියන්න බැරි විදියට, තමන්ට ඔප්පු කරගන්න බැරි ලෙස, අයථා ලෙස දේපළ උපයාගෙන තිබෙනවා නම් ඒක තමයි ප්‍රශ්නෙ තිබෙන්නෙ. ඉතින් අපිට හෝ අපේ පවුලේ කෙනෙකුට තිබෙන ඉඩම්, දේපළ, අපෙ නමට තිබෙන වාහන, අපෙ පවුලෙ අයට තිබෙන රත්තරන් බඩු මොනවාහරි, ඒ පිළිබඳව අපි නිවැරදිව වත්කම් – බැරකම් ප්‍රකාශ මගින් අදාළ අවස්ථාවලදී කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේක හොඳ සංස්කෘතියක්. අපි ආවේ මෙහෙම විනිවිදභාවයෙන් කටයුතු කරන්නනේ. ඕනෙ කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කාටහරි අභියෝග කරන්න පුළුවන් නම් මේ මේ විදියට තිබෙන එක වැරදියි කියලා, අයථා ලෙස උපයාගෙන තිබෙනවා කියලා කාටහරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන අභියෝග කරන්න පුළුවන්”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...