ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක නඩුවක් ගොනු කිරීමට සුදානම් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයින් සඳහන් කර තිබුණේ, 2003 දී ඔහුගේ 50 වන උපන්දිනය වෙනුවෙන් අපකීර්තියට පත් මූල්‍යකරු ජෙෆ්රි එප්ස්ටයින්ට ලබා දුන් ලිංගික ඉඟි සහිත සටහනක් සහ චිත්‍රයක් සම්බන්ධ අසත්‍ය ලිපි ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ව්‍යාජ, ද්වේෂසහගත, අපහාසාත්මක සහ අපකීර්තිමත් වාර්තාකරණය හේතුවෙන් මෙම නඩුව ගොනු කරන බවයි.

ජනාධිපති ට්‍රම්ප් සිය තෘත් සමාජ වේදිකාවේ සඳහන් කර තිබුණේ, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට බොහෝ කාලයක් තිස්සේ නිදහසේ බොරු කීමට, මඩ ගැසීමට සහ අපහාස කිරීමට ඉඩ දී ඇති අතර, දැන් එය නතර කළ යුතු බවයි.

කෙසේ නමුත්, මෙම නඩුව ෆ්ලොරිඩාවේ ටැම්පා ෆෙඩරල් අධිකරණයක ගොනු කිරීමට සුදානම් වන අතර මීට පෙර ට්‍රම්ප් විසින් ABC ප්‍රවෘත්ති, පැරමවුන්ට් ග්ලෝබල් හි CBS ප්‍රවෘත්ති , වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙනුවෙන්ද අපකිරිතිමත් වාර්තාකරණය වෙනුවෙන් නඩු පවරා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන ගණනක ගෙවීම් සහ ඔවුන්ගේ වාර්තාකරණයේ සාවද්‍යතාවයන් පිළිබඳ මහජන පිළිගැනීම් සිදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...