සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින් 75 දෙනෙකු රැගත් යාත්‍රාවක් ලිබියානු වෙරළ ආසන්නයේ දී ගිනි ගැනීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM)සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය මෙම අනාතුර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, දිවි ගලවා ගත් 24 දෙනෙකුට වෛද්‍ය ආධාර ලබා දී ඇති බවයි.

මෑත ඉතිහාසයේ, සුඩානය දිගුකාලීන ගැටුම් සහ සිවිල් යුද්ධ මෙන්ම පාරිසරික වෙනස්කම්, එනම් කාන්තාරකරණය සඳහා වේදිකාව වී ඇත. මෙම බලවේග ප්‍රචණ්ඩත්වයට සහ සාගතයට පමණක් නොව, රටේ දේශසීමා තුළ සහ ඉන් පිටත සුඩාන ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් බලහත්කාරයෙන් සංක්‍රමණය වීමට ද හේතු වී තිබේ.

මේවන විට සංක්‍රමණිකයන් 867,055 ක් පමණ යුරෝපයට ළඟා වීමට උත්සාහ කර ඇති අතර IOM ට අනුව, පසුගිය වසරේ මධ්‍යධරණී මුහුදේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් හෝ සරණාගතයින් 2,452 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී තිබේ. මෙම මාර්ගය සරණාගතයින් සඳහා මාරාන්තිකම මාර්ගවලින් එකක් බවට පත් ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...