සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින් 75 දෙනෙකු රැගත් යාත්‍රාවක් ලිබියානු වෙරළ ආසන්නයේ දී ගිනි ගැනීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM)සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය මෙම අනාතුර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, දිවි ගලවා ගත් 24 දෙනෙකුට වෛද්‍ය ආධාර ලබා දී ඇති බවයි.

මෑත ඉතිහාසයේ, සුඩානය දිගුකාලීන ගැටුම් සහ සිවිල් යුද්ධ මෙන්ම පාරිසරික වෙනස්කම්, එනම් කාන්තාරකරණය සඳහා වේදිකාව වී ඇත. මෙම බලවේග ප්‍රචණ්ඩත්වයට සහ සාගතයට පමණක් නොව, රටේ දේශසීමා තුළ සහ ඉන් පිටත සුඩාන ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් බලහත්කාරයෙන් සංක්‍රමණය වීමට ද හේතු වී තිබේ.

මේවන විට සංක්‍රමණිකයන් 867,055 ක් පමණ යුරෝපයට ළඟා වීමට උත්සාහ කර ඇති අතර IOM ට අනුව, පසුගිය වසරේ මධ්‍යධරණී මුහුදේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් හෝ සරණාගතයින් 2,452 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී තිබේ. මෙම මාර්ගය සරණාගතයින් සඳහා මාරාන්තිකම මාර්ගවලින් එකක් බවට පත් ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...