*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සමබල ආහාර වේලක් ලබාගන්න සාමාන්‍ය පවුලකට යන වියදම ගැන නවතම අනාවරණයක් !

මෙරට දැනට පවතින ආහාර මිල ගණන් අනුව හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට සමබල ආහාර වේලක් ලබාගැනීම සඳහා දිනකට ආසන්න වශයෙන් අවම රුපියල් 2500ක් වැය කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පරිපාලනය පිළිබඳ ලේඛකාධිකාරී, වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

තෝරාගත් දිස්ත්‍රික්කවල සමාජ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයක් අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපි කරපු ප්‍රායෝගික ගණනය කිරීම්වලදී අපට දැනිච්ච දෙයක් තමයි සමබල ආහාර වේලක් ගන්න නම් අපේ රටේ සාමාන්‍ය පවුලක් අවම වශයෙන් දවසකට එක වේලක් සඳහා රුපියල් 1400 කට ආසන්න මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. එතකොට රාත්‍රී ආහාර වේල සාමාන්‍යයෙන් මීට වඩා අඩු ප්‍රමාණයක් ගන්නා නිසා අපි හිතුවා ඒක ආසන්න වශයෙන් රුපියල් 1000ක්. ඒ වගේම උදෑසන ආහාර වේල සඳහා රුපියල් 500 කට ආසන්න මුදලක්. ඒ කියන්නෙ අද තියෙන ආහාර මිල ගණන් එක්ක, සාමාන්‍ය හතර දෙනෙකුගෙන් යුක්ත මධ්‍යම පාන්තික පවුලක් සමබල ආහාර වේලක් ගන්න නම් අවම වශයෙන් දවසකට වැය කරන්න වෙන මුදල ආසන්න වශයෙන් රුපියල් 2500ක්. මම කියන දේ ඔබට පෙනෙනවා ඇති ආහාර සඳහා පමණක් දවසකට රුපියල් 2500ක් වියදම් කරන්න සිදුවීමම කෙතරම් ඛේදවාචකයක්ද කියලා. එතකොට මාසයක් සඳහා ගත්තොත් අපට පේනවා අවම වශයෙන් රුපියල් 75,000 – 90,000 අතර මුදලක් සාමාන්‍ය පවුලක් වැය කරන්න ඕනෙ සමබල ආහාර වේලක් සඳහා”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පරිපාලනය පිළිබඳ ලේඛකාධිකාරී, වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan