60 හැවිරිදි මවකට ලිංගික අතවර කළ වෛද්‍යවරයකු අත්අඩංගුවට !

Date:

තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි 60 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර කළ වෛද්‍යවරයකු කළුතර උතුර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 47 හැවිරිදි වෛද්‍යවරයෙකි.

අදාළ කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලක ඇති තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා එම වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී ඇයගේ ශරීරයෙහි තවත් තුවාල ඇත්දැයි තමන්ට පරීක්ෂා කිරීමට අවශ්‍ය පවසා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි දොරවල් සියල්ල වසා දමා කාන්තාවට ලිංගික අතවර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුට හෝ පැවසුවහොත් ඇයව මරාදමන බවට තර්ජනය කර ඇති බව සඳහන්.

එම තර්ජනයට බියවීම හේතුවෙන් දින කිහිපයක් සිද්ධිය පිළිබඳ කිසිවකුට නොකියා සිටි අදාළ කාන්තාව පසුව කළුතර උතුර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව වෛද්‍යවරයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...