පාඩු ලබන සත්ව ගොවිපල 06 පෞද්ගලික අංශයට

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මහා පරිමාණ සත්ව ගොවිපල 06 ක් පෞද්ගලික අංශය වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. දිගුකාලීන බදු පදනම යටතේ මෙම ගොවිපල ලබාදෙන අතර ඒ සඳහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා තිබේ.

අක්කර 1133 කින් සමන්විත නුවරඑළිය බෝපත් තලාව ගොවිපල, අක්කර 500 කින් සමන්විත පුත්තල කොට්ටුකට්ටිය ගොවිපල, අක්කර 1054 කින් සමන්විත කුරුණෑගල නිකවැරටිය ගොවිපල, අක්කර 1477 කින් සමන්විත අනුරාධපුර ඔයාමඩුව ගොවිපල, අක්කර 1632 කින් සමන්විත අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපල සහ අක්කර 472 කින් සමන්විත හම්බන්තොට වීරවිල ගොවිපල මෙසේ පෞද්ගලික අංශයට ලබාදීමට තෝරාගෙන තිබේ.

මෙරට සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහාත් රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, කෘෂිකාර්මික බෝග වගාව වෙනුවෙන් මහාපරිමාණ ගොවිපල සංවර්ධනය කිරීම සඳහාත් මෙම පියවර ගන්නා බවයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසන්නේ.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම හරහා දැනට භාවිතා කරන පැරණි තාක්ෂණය වෙනුවට නවීන තාක්ෂණය හඳුන්වා දීමද සිදුවනු ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද මෙම ගොවිපල දිගුකාලීන බදු පදනම මත ලබාගත හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...