ඉතිහාසයේ දරුණුම පරාජය සමඟ ශ්‍රී ලංකාවට අනු සූරතාවය

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූරතාවය ඉන්දියාව දිනා ගත්තේ ශ්‍රී ලංකාව අවසාන තරගයක දැවී ගිය අඩුම ලකුණු ගණනකට දවාලමින්,එම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 50 පන්දු ඒවර් 6.1 දී කිසිවෙක් නොදැවී ඉක්මවා යමින්ය.
මොහොමඩ් සිරාජ් මෙහිදී ලකුණු 21 ට කඩුලු 6 ක් දවා ගනිමින් කළ අති විශිෂ්ඨ පන්දු යැවිම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 50 ට සීමා වන්නට ප්‍රබලම හේතුව සැපයීය.හාර්ඩික් පාණ්ඩයා ලකුණු 3 ට කඩුලු 3 ක් දවා ගත්තේ සිරාජ් ගේ ආරම්භය නිමා කිරීමේ වගකීම ඔහු වෙත පවරා ගනිමින් ශ්‍රී ලංකා ඉණිමේ අවසන් කඩුලුවලට වග කියමින්ය.
ලකුණු 51 ලබා ගැනීමට පන්දු ඕවර් 6.1 ක් පමණක් වැය කළ ඉන්දියාව ඉතිහාසයේ ආසියානු අවසාන තරගයක් පහසුවෙන්ම ජයගත් කණ්ඩායම බවට පත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණුම පරාජයේ උරුමක්කාරයන් බවට පත් විය.තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානතට හිමි වූ අතර ලකුණු අතර නැති දසුන් පන්දු හතරකට මුහුණ දෙමින් පිත්ත පන්දුවේ වද්දා ගැනීම සඳහා ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් මොහොමඩ් සුරාජ් පන්දුව දසුන්ගේ කඩුල්ලේ කෙළින්ම දැවටෙන්නට හැරියේ කිසිඳු ලකුණක් ලබා ගන්නට පෙරය.
දසුන් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ පස් දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියහ.දසුන්ට අමතරව එම ලැයිස්තුවට එකතු වූ අනෙක් ක්‍රිඩකයින් වූයේ කුසල් පෙරේරා,සදීර සමරවික්‍රම,චරිත් අසලංක සහ මතීශ පතිරණ ය.
තරගාවලිය ගැන සවිස්තර සටහනක් ඉදිරියේදී තබන්නට බලාපොරොත්තු වන අතර පහතින් අවසාන තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැතකියාව ඇත.
https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/sri-lanka-vs-india-final-1388414/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...