ප්‍රශ්න පත්‍ර අර්බුදයෙන් පීඩාවට පත් සිසුන්ට අපේ ආණ්ඩුව යටතේ සාධාරණය ඉටු කරනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එයින් අසාධාරණයට ලක්ව ඇති සිසුන්ට ඉදිරි සමගි ජන බලවේගයේ ආණ්ඩුව යටතේ අනිවාර්යයෙන්ම සාධාරණය ඉටුකරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් පුළුවන් කියන පුද්ගලයාට බැහැ තමන් යටතේ තිබෙන ආණ්ඩුවේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නෙ නැතිව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ ? ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක් මේක. මම ලීක් වෙන, මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්න පත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයාබලනවා. ඒවා කරපු අයට එරෙහිව ගන්න තියෙන බරපතළම තීන්දුව අපි ගන්නවා. මම කියන්න කැමතියි ජනාධිපතිවරයාට, ඔබ කරන හැමදේම ලීක් වෙනවා. ලීකේජ් එක නතර කරගන්න. පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නු සිසුන්ට සිදුවුණු මේ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කෑගල්ලේදී පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...