මාලිමාව ධනේෂ්වර දේශපාලනයට යන්නෙ, අද ඔය කියන සමාජවාදය නෑ – පේශල ජයරත්න

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18 කොළඹ(LNW):

” වැඩිම රැලි තියල,බස් ගෙනල්ලා මිනිස්සු අන්දලා මේ මැතිවරණයේ වැඩිම පෝස්ටර් ගහලා මැතිවරණය කරන්නෙ කවුද බලන්න. ඒ නිසා අද ඔය සමාජවාදය නෑ. ධනේෂ්වර දේශපාලනයට අවතීර්ණ වෙලා තියෙන්නෙ මාලිමාව. ඒ නිසා ඒ අය කියන දේවල් නෙමෙයි කරන්නෙ. කටින් බතල හිටවනවා .පැහැදිලිවම වෙනත් ගමනක ඔය දේශපාලන පක්ෂ යන්නෙ”පේශල ජයරත්න

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් පේශල ජයරත්න මහතා,

” ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්න බැරි නම් රටේ ජනාධිපතිකම රටේ රාජ්‍ය නායකත්වය කරන්න බෑ.

ඒ නිසා අපි කියනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත මේ රටේ නායකත්වයක් ජනාධිපතිකමත් කරලා ඔප්පු කරල පෙන්වපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහතායි.ඒ නිසා අද කයිවාරු ගහන නායකයින් ඉන්නවා. එදා රට වැටිච්ච වෙලාවෙ රට බාරගන්නෙ නැතුව අපි ට බැහැ කියල පස්ස දොරෙන් පැනල ගියා .ඒවට හේතු පාඨ කිවුවා.එදා එඩිතරව රට හාරගත්තෙ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.

ඒ නිසා මේ මැතිවරණයේ අඩුම වියදමින් මැතිවරණය කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතායි.දැන් සමහර අය රජයේ නාස්තිය මැතිවරණ නාස්තිය ගැන කතා කරනවා. දැන් බලන්න මේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩිම කාර්යාල ප්‍රමාණයක් දාලා වැඩිම වියදම් කරල තියෙන්නෙ කවුද බලන්න.

වැඩිම රැලි තියල,බස් ගෙනල්ලා මිනිස්සු අන්දලා මේ මැතිවරණයේ වැඩිම පෝස්ටර් ගහලා මැතිවරණය කරන්නෙ කවුද බලන්න. ඒ නිසා අද ඔය සමාජවාදය නෑ.ධනේෂ්වර ක්‍රමයට දේශපාලනයට අවතීර්ණ වෙලා තියෙන්නෙ මාලිමාව.ඒ නිසා ඒ අය කියන දේවල් නෙමෙයි කරන්නෙ.කටින් බතල හිටවනවා .පැහැදිලිවම වෙනත් ගමනක ඔය දේශපාලන පක්ෂ යන්නෙ.

ඒ නිසා මේ මැතිවරණයේදී අලුතින් ඡන්දය දෙන තරුණයන්ගෙන් 99%ක් ඡන්දය දෙන්නෙ රනිල් වික්‍රමසිංහට. ඒ කියන්නෙ ඒ අයට දුර දිග පේනවා.ඒ අය තාක්ෂණය දන්නවා.ඒ නිසා අන්තර්ජාලය පරිහරණය කරන සියළුම තරුණ තරුණියන් තමන්ගෙ අපේක්ෂකයා ලෙසට තෝරගෙන තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහතායි”

උතුරු මැද මහ ඇමති පේශල ජයරත්න මහතා මේ අදහස් පළකර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොළොන්නරුව නගරයේ ඊයේ රාත්‍රියේදී පැවති ජන හමුවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...