ඇමතිට බෑ ජන්දය ගැන පොලීසියට බලපෑම් කරන්න!

කොළඹ LNW: ජනාධිපතිවරණ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට ලැබිය යුතු උපදෙස් සියල්ල අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති හෙයින් ඊට ඇමතිවරයාගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) ජාතික ජන බලවේගයේ නීතිඥ සාමූහිකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

”ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොලීසියට දෙන්න ඕන උපදෙස් ඔක්කොම දීලා තියෙන්නේ. මේ අවස්ථාවේ අමාත්‍යවරයා කරන්නේ දේශපාලන කාරණයක්. අමාත්‍යවරයා වෙනුවෙන් පතිනායක මහත්මයා ඔය රේඩියෝ මැසේජ් එක නිකුත් කළාද කියල අපි දන්නේ නැහැ. හැබැයි ඔහුට පුළුවන්කමක් නැහැ,අමාත්‍යවරයාට පුළුවන්කමක් නැහැ කිසිම ආකාරයක දේශපාලන කාරණයක් පොලීසියට ඉදිරිපත් කරන්න. දේශපාලනිකව කාට හෝ වාසි වෙන තව කෙනෙකුට අවාසි වෙන ආකාරයේ උපදෙස් දෙන්න නියෝග කරන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම මම නම් හිතන්නේ ඇමතිවරයා මේ වෙලාවේ පොලීසියට කතා කරන එක නීති විරෝධියි..’ යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...