ඇමතිට බෑ ජන්දය ගැන පොලීසියට බලපෑම් කරන්න!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරණ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට ලැබිය යුතු උපදෙස් සියල්ල අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති හෙයින් ඊට ඇමතිවරයාගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) ජාතික ජන බලවේගයේ නීතිඥ සාමූහිකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

”ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොලීසියට දෙන්න ඕන උපදෙස් ඔක්කොම දීලා තියෙන්නේ. මේ අවස්ථාවේ අමාත්‍යවරයා කරන්නේ දේශපාලන කාරණයක්. අමාත්‍යවරයා වෙනුවෙන් පතිනායක මහත්මයා ඔය රේඩියෝ මැසේජ් එක නිකුත් කළාද කියල අපි දන්නේ නැහැ. හැබැයි ඔහුට පුළුවන්කමක් නැහැ,අමාත්‍යවරයාට පුළුවන්කමක් නැහැ කිසිම ආකාරයක දේශපාලන කාරණයක් පොලීසියට ඉදිරිපත් කරන්න. දේශපාලනිකව කාට හෝ වාසි වෙන තව කෙනෙකුට අවාසි වෙන ආකාරයේ උපදෙස් දෙන්න නියෝග කරන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම මම නම් හිතන්නේ ඇමතිවරයා මේ වෙලාවේ පොලීසියට කතා කරන එක නීති විරෝධියි..’ යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...