නියත ජනපති රනිල් – සෙන්දිල් තෝණ්ඩමන්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියත වශයෙන්ම නැගෙනහිර පමණක් නොව, කඳුකර වතු ප්‍රදේශවල ජයග්‍රහණයද අත් කරගන්නා බව අද (18) කොළඹ, පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඒක්වෙමින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තෝණ්ඩමන් මහතා පැවසීය.

තවද, දෙමළ කතා කරන ජනතාව ජීවත් වන කඳුකර වතු ප්‍රදේශවල ඡන්ද ලක්ෂයක වැඩි පරතරයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීම නියත බව, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තෝණ්ඩමන් මහතා කිවේය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විශ්වාසය ඉහලින් පවතින බව පෙනීයන අතර ජනතාව නැවතත් දුක් විඳිමට සූදානම් නොමැති බව ඒයින් පැහැදිලි වන බවත් ඒ් මහතා පෙන්වා දුනි.

අද ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වන බව කඳුකර වතු ජනතාව හොඳින් වටහාගෙන තිබෙන අතර සැප්තැම්බර් 22 වැනිදායින් පසුව නැවත පෝලිම්වල සිටීමට සිදු නොවන තීරණයක් ගැනීම අත්‍යාවශ්‍ය බවද ජනතාව අවබෝධ කරගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් 22 වත්මන් ජනාධිපතිවරයා වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීමට ඔවුන් සූදානම් නොමැති බවත් සම්පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගැනීමට බාධාවක් හෝ වෙනසක් සිදුවුව හොත් එහි බලපෑම සහ ආර්ථික බර පැටවෙන්නේ ජනතාව මත බව සෙන්දිල් තෝණ්ඩමන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණ වලදී ජයග්‍රාහී අපේක්ෂකයින් ගනුලැබූ ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් දෙමළ කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ වල සිංහල දෙමළ ජනතාව එක්ව රනිල් වික්‍රමසිංහ මහතා දිනවන බවත් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වන බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙහිදී අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...