විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 22 වනදා සිට පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (17) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නඩුව පිළිබඳ නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය මෙසේ නියම කළාය.

එමෙන්ම සිතාසි ලැබුණහොත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අවවාද කළාය.

විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී වන අතර විත්ති පාර්ශ්වය විවිධ හේතු දක්වමින් කල්ගැනීම නිසා වසර හතක් තිස්සේ මෙම නඩුව විභාගයට ගැනීමට නොහැකිව කල් ඇදෙමින් පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...