විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 22 වනදා සිට පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (17) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නඩුව පිළිබඳ නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය මෙසේ නියම කළාය.

එමෙන්ම සිතාසි ලැබුණහොත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අවවාද කළාය.

විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී වන අතර විත්ති පාර්ශ්වය විවිධ හේතු දක්වමින් කල්ගැනීම නිසා වසර හතක් තිස්සේ මෙම නඩුව විභාගයට ගැනීමට නොහැකිව කල් ඇදෙමින් පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...