නිශ්මං රණසිංහ සැප්තැම්බර් 18, කොළඹ LNW:
ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා සූරතාවයේ හෙල්ල වීසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන රුමේෂ් තරංග එහි අවසන් දොළොස් දෙනා අතරට පිවිස අවසන් තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ගත්තා. අවසාන තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් අතර සිටින 2000 වර්ෂයෙන් පසුව උපන් එකම ක්‍රීඩකයා වන්නේ රුමේෂ් තරංගය.22 හැවිරිදි රුමේෂ් තරගයේ සිටින ලාබාලතම ක්‍රීඩකයා වශයෙන් සිය පළමු ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී ම අවසාන 12 දෙනා අතරට පැමිණීමම සුවිශාල ජයක් බව මේ අවසාන තරගයට මුහුණ දෙන තරගකරුවන්ගේ උපන් දිනය පිළිබඳ සළකා බැලුවත් ඔබට වටහා ගන්නට හැකිය.
සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග යන දෙදෙනාගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්‍ෙ පොහොසත් කළ තරගකාරී ද්වන්ධ සටන නිසා ඉසව්වේ දක්ෂතා ඉහළ නැංවී තිබෙන අතර ඒ නිසාම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව නියෝජනය කරමින් සුමේධ සහ රුමේෂ් යන දෙදෙනාම ලෝක මට්ටමේ දක්ෂතා ප්‍රකට කරමින් ලෝක සූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම ලබා ගතැනීමට සමත් විය.
මූලික වටයේදී ඒ සහ බී ලෙස, තරග දෙකක් ක්‍රියාත්මක වූ අතර එහිදී ඒ කාණ්ඩයෙන් තරග වැදුණ සුමේධ රණෂිංහ දැක් වූ දක්ෂතාවය වූයේ මීටර් 81.86 කි.බී කාණ්ඩයෙන් තරග වැදුණ රුමේෂ් තරංග දක්වන ලද දක්ෂතාවය වූයේ මීටර් 82.80 කි.
කාණ්ඩ දෙකේ දක්ෂතාවයන් සළකද්දී රුමේෂ් 12 වන තැන සිට අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.එහෙත් සුමේධගේ දක්ෂතාවය රැඳුණේ 15 වන තැනය.අවසාන තරගයේ උපරිමට දැක්වීම සඳහා මූලික තරගවලදී දක්ෂතාවය රැක ගැනීම නිසා ලෝක සූරතා මෙන්ම ඔලිම්පික් රන් පදක්කමටද හිමිකම් කියන ඉන්දියාවේ නිරාජ් චොප්රා සිටින්නේත් මූලික තරගවල දක්ෂතා අනුව හයවන තැනය.2024 ඔලිිපපික් රන් පදක්කම්ලාභී පකිස්තානයේ අර්ශාඩ් නදීම් සිටින්නේ පස්වන තැනය.
මෙහි අවසාන තරගයට දකුණු ආසියාවෙන් විශාල බලපෑමක් එල්ල වී ඇත.ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පකිස්තානයෙන් සහ ශ්‍රී ලංකාවෙන් එක් අයෙකු ලෙස සුදුසුකම් ලද 12 දෙනා අතර සිව් දෙනෙකුම දකුණු ආසියානු නියෝජනයන්ය.අවසන් තරගය අද සැප්තැම්බර් 18 පස්වරු 3.53 ක්‍රියාත්මක වේ.

