රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16 වන දින නිකුත් කළ ශ්‍රේණිගත කිරිම්වලට අනුව රනිත්මා ලියනගේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල 94 වන ස්ථානය දක්වා ඉදරියට පැමිණ තිබෙනවා.ඒ ඇය සිටි 101 වන ස්ථානයේ සිට ස්ථාන 7 ක් ඉදිරියට ඒමක් ලෙස හැඳින්විය හැකියි.


ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩිමින්ටන් සූරයෙකු වන දිලූක කරුණාරත්න යටතේ මේ වන විට එංගලන්තයේ පුහුණුවීම් කටයුතුවල යෙදෙන රනිත්මාගේ කළමණාකරු ලෙස කටයුතු කරන්නේ නිලූක කරුණාරත්න වන අතර රනිත්මාගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය සඳහා ආරම්භයේ සිටම වගකීම දරමින් අනුග්‍රාහකත්වය දක්වන්නේ රොහාන් ද සිල්වා යි.


පිරිමි ශ්‍රේණිගත් කිරීම්වලදී විරේන් මද පසුබෑමක් පෙන්වන අතර ඒ තත්තවය මේ වන විට විරේන් තෝරා ගනිමින්,ඉහළ මට්ටමේ තරගාවලි නියෝජනය කරන නිසා ඉතා ඉක්මණින් වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා.දැනට ඔහු 58 සිට 62 දක්වා පහළට පැමිණ තිබෙනවා.කොස්ටාරිකා තරගාවලියේ පෑ දස්කම් සමඟ දුමිදු අබේවික්‍රම ස්ථාන පහක් ඉදිරියට පැමිණ 133 වන තැන පසුවෙනවා.


මේ අතර ලාබාල සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක කාන්තා යුගල ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ඉදරියෙන්ම සිටින යුගලය බවට පත් වී සිටිනවා.ඔවුන් ස්ථාන තුනක් ඉදරියට පැමිණ නවතම ශ්‍රේණිගත කිරීම්වල 91 වන ස්ථානයේ පසු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...