ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW:

මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට ශ්‍රී ලංකාව පැමිණීම ආශ්චර්යකින් මිස වැළකී නොයනු ඇත.දැනටත් තරග දෙකක් ජයගෙන සිය කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාව අද ඇෆ්ගනිස්තානය සමඟ පවත්වන තරගයේ වැදගත්කම ඇත්තේ ඇෆ්ගනිස්තානයටය.ඔවුන් අද තරගය පරාජය වුවහොත් තරගාවලියෙන් ඉවතට වීසි වී යනු ඇත.


ඇෆ්ගනිස්තානය අද තරගය ඔවුන්ට තීරණාත්මක බැවින් ශ්‍රී ලංකාව පරාජය කරන්නට උපරිමය කරනු ඇත.එහිදී කෙසේ හෝ ජය මිස ලකුණු 70 ක පමණ පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කර බංගලාදේශය අවසන් පූර්ව වටයට ගෙනවිත් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කර දැමීමට ඇෆ්ගනිස්තානයට උවමනාවක් නැත.ඒ නිසා පරාජය වුවත් ශ්‍රී ලංකාව මේ තරගයේ අවසාන හතරට ඒම සිඳුවෙනු ඇත.ලකුණු 70 න් පමණ පරාජය වී හෝ බංගලාදේහයට වඩා අඩු ලකුණු වේගයකට පහළ බැස පරාජය විමටනම් වෙන කුමක් හෝ හේතුවක් තිබිය යුතුය
එහෙත් ඇෆ්ගනිස්තානය දිනුවත් අවසන් පූර්ව වටයට තමන් එන බව සිතා තරග කරන්නට විදිහක් ශ්‍රී ලංකාවට ද නැත.වඩාත් හොඳ විශ්වසනීයත්වයක් සහිතව අවසන් පූර්ව තරග සඳහා පිවිසෙන්නටනම්, ශ්‍රී ලංකාව මේ තරගය ජය ගත යුතුය.එසේම කුසලානය දිනා ගන්නටනම් මේ තරගාවලියේ කුමන කණ්ඩායම හමු වුව ද පරාජය කිරීම අනිවාර්ය කාරණයක් බැවින් මුණ ගැසෙන කණ්ඩායම කුමක් වුව පරාජය කළ යුතුමය.


ඒ නිසා කුසලානය වෙත යාමට අවශ්‍යය පහසුම මාර්ගය ලෙස ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිවත් නිශ්චිත ජයග්‍රහණයක් අත් කර ගත යුතුය.චරිත් අසලංක ගේ බල ඇණිය එය නොවරදවා ඉටු කිරීමට සියල්ල කරනු ඇති බව නිසැකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...