කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා දීමට නොහැකි නම් කරුණාකර සේවයෙන් ඉවත්වන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය නිලධාරීන් වෙත අවධාරණය කළේය.
නිසි නඩත්තුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් පැමිණිලි රැසක ලැබෙමින් පවතින අතර තමන් ජනතාවගෙන් සමාව ගැනීමේ සීමාවක්ද නොමැති වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පවතී ආණ්ඩුවලින් වෙනස්ව අවශ්‍ය නඩත්තු වෙනුවෙන් මුදල් වෙන්කර තිබියදී පවා දුම්රිය දෙපාර්තමේන්තුව 1%ක දියුණුවක් පෙන්වන්නේ නැති බවයි එහිදී බිමල් රත්නායක මහතා පැවසුවේ.
”දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙතන ඉන්න අයට කියන්නේ සර්විස් එක දෙන්න බැරිනම් කරුණාකරලා යන්න. මම මිනිස්සුන්ගෙන් සමාව ගන්න එකේ සීමාවක් නැහැ දුම්රිය ගැන. මොකක්ද කරන්නේ? ඔයාලගේ ඥාතීන් ඔක්කොම යන්නේ මර්සිඩීස්වලද? දුම්රියේ ලොක්කන්ගේ දරුවෝ, නෝනලා කවුරුත්ම යන්නේ නැද්ද කෝච්චියේ? ඒ නිසා මේක සීරියස් ගන්න. ජනාධිපතිතුමාත් කිව්වා කරන්න බැරිනම් ප්ලීස් යන්න. මේ අන්තිම වොර්නින් දෙන්නේ. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම. අපි පිළිගන්නවා ආණ්ඩුවලින් කරපු වැරදි තියෙනවා. නිලධාරීන් බඳවා ගෙන නෑ. සල්ලි දීලා නෑ. ඔක්කොම ඇත්ත. නමුත් දැන් අපි ඔක්කොම වෙනස්කරගෙන යනවා. අපිට 1%ක ප්රෝග්රස් එකක් පෙන්වන්නේ නෑනේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබතුමාලට දෙන සල්ලිත් අපි වෙන දෙපාර්තමේන්තුවලට වෙන්කරනවා වියදම් කරන්නේ නැති නිසා. දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන් 3500ක් දුන්නා. ෆෑන් ටික නෑ. වොෂ් රූම් එක නෑ. ජනෙල් ටික හදන්නේ නෑ. ඔයාලගේ බ්‍රිජස් පරණයි කියල RDA එක දාලා බ්‍රිජස් හදනවා. නිව් කැළණි බ්‍රිජ් එකේ පාලම දිරල අවුරුදු 125ක් පරණයි. ඒකේ කොච්චි දෙකක් එකපාර යන්න බෑ. නතර කරලා යන්නේ. අවුරුදු තුනක් ආණ්ඩුවලින් සල්ලි වෙන්කරනවා හදන්න කියල. තම හදන්න තියා ප්‍රොකියුමන්ට් එක ඉවර නෑ. බැරිම තැන අපි RDA එකට දුන්නා. මට ඊයේ චර්යාමන් කිව්වා දැන් ඒකේ ඔකොම ඉවරයි කියල. ගාලු පාරේ තියෙනවා ස්ටිල් බ්‍රිජස් පහක් හදන්න. අවුරුදු 125ක් පරණයි. කොච්චර අප්ග්රේෂන් කළත් වැඩක් නෑ කෝච්චියට යන්න හොඳ පාලමක් නැත්නම්. ඩ්‍රයිවර්ස්ලා අනිවාර්යයෙන් ස්ලෝ කරන්න ඕනේ. ඒක හදන්නේ නෑ. ඔයගොල්ලෝ කොච්චර ලියුම් ගහල තියෙනවද ඔයාලගේ පැත්තෙන් මේ කොච්චි ස්ලෝ වෙනවා මේ බ්‍රිජස් වීක් නිසා කියල. මොනවද ඔයලට ඒකට කරපු ස්ට්රගල් එක දකුණු පළාතේ කොච්චි භාර අය විදිහට. මම ඒකයි කියන්නේ ජනාධිපතිතුමා කියපු එක මම රිපීට් කරන්නේ කරන්න බැරිනම්, ඔයාලා නැතුව කරන්න අපි ආස නෑ. කරන්නේ නැත්නම් ප්ලීස් යන්න.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
